Breaking News

Tuesday, July 14, 2015

ජොබ් වේකන්සිය



ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ. 
මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා. 

"නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න." 

මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන ක් කියලා පොර නැගිටලා නොයා හිටියා. 
ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. 

"කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න" 

ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ. 
ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. 

"කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න" 

දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි. 
ඊලඟ කඩඉම. 

"කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න" 

සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි. 
මූත් ඉතින් දසයා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා. 

ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න " 

කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම, 

"අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි" 

එතකොට අනික් පොර කියනවා, 

"තෝත් ලංකාවෙද යකෝ "
Read more ...

Tuesday, June 23, 2015

අත ගැනීම


දිල්රුක්ෂිගේ පියා හමු වූ ඉන්දික 
කෙලින්ම පැවසුවේ ඇගේ අත ගැනීමට තමා කැමති බවය. 
එහෙත් දිල්රුක්ෂිගේ පියා ඊට එකග නොවී මෙසේ පැවසුවේය. 


පියා - මම කොහෙත්ම කැමති නෑ මගේ දුව මුලු ජීවිත කාලෙම බූරුවෙක් එක්ක 
ඉන්නවා දකින්න. 



ඉන්දික - ඒක මම දන්නවා ඒ හින්දා තමයි මම එයාව බැදලා එක්කන් යන්න හැදුවේ
Read more ...

Saturday, June 20, 2015

රක්ෂණය


ඇමරිකාවේ ආමි එකට අලුතින් බැඳෙන සොල්දාදුවන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දෙන්න රජය තීරණය කලා. ඒ වගකීම බාර දීලා හමුදාවේ ඔෆිසර් රෑනක් එකේ නිලධාරීන්ට. දවසක් ඇමරිකාවේ හමුදාපති එක්තරා ප්‍රාන්තයක හමුදා කඳවුරකට ගිහිල්ලා වැඩේ හරියට යනවද කියලා පරීක්‍ෂා කලා. 

හුඟක් නිලධාරීන්ට තමන් ළඟට එන නවක නිලධාරීන්ගෙන් 1% කට වත් රක්ෂණයක් දීගන්ට බැරි වුනත් එක නිළධාරියෙක් තමන් ලඟට එන හැමෝටම රක්ෂණේ විකුනන බව හමුදාපතිවරයාට පෙනීගියා. හමුදාපතිවරයා ඔහුව තමා ලඟට කැඳවා එලෙස රක්ෂණ ලබා දීමේ රහස විමසා සිටියා. 
එම නිලධාරියා තමාගේ රහස හමුදාපතිවරයාට මෙසේ හෙළිකර සිටියා. 

“සර් මම මෙච්චරයි උන්ට කිව්වේ. අයිසේ මේ බලනවා. මේ රක්ෂණය ගත්ත එකෙක් යුද්ධෙදි මැරුණොත් රජයට ඩොලර් 10,000 ක් උගේ පවුලට ගෙවන්ට වෙනවා. රක්ෂණේ නැති එකෙකුට කිසි දෙයක් නැහැ. ඉතින් තමුසේ හිතන්නේ ඉරාකය ඇෆ්ගනිස්ථානය වගේ යුද්දෙ තියෙන රටවලට මේ දෙගොල්ලන්ගෙන් කවුරු යවයි කියල ද?“
Read more ...

Friday, June 19, 2015

නිර්භීතම


ඔන්න මචන්ලා ඩී.අයි.ජී කෙනෙකුයි ආර්මි ජෙනරාල් කෙනෙකුයි එයාර් මාර්ෂල් කෙනෙකුයි පාටියකදී සෙට් වුනාලු.දැන් ටොපික් එක නිර්භීතම කස්ටිය ඉන්නේ මොන ෆෝස් එකේද කියලා හෙන වාදයක් යනවා තුන්දෙනාගේ. 

එයාර් මාර්ෂල් පයිලට් ඔෆිසර් කෙනෙක්ට කතා කරලා ඈත පේන කොඩි ගහ පෙන්නලා මෙහෙම කිවුවලු."අන්න අර කොඩි ගහ මුදුනටම නැගල මට සැලුට් එකක් ගහපන්."ඉතින් පයිලට් ඔෆිසර් වැඩේ කරාලු. 
ජෙනරාල් කතා කරාලු කොමාන්ඩෝ සාජන්ට් කෙනෙක්ට,මිනිහටත් කොඩි ගහ පෙන්නලා මෙහෙම කිවුවලු "අන්න අරක මුදුනටම නැගල තනි අතින් හිටගනින්". ඒකත් සාජන්ට් ලෙසටම කරාලු. 
දැන් දෙන්නම නෝන්ඩි හිනාවක් දැම්මලු ඩී. අයි. ජී ට,හැබැයි පොරත් ගේමටම ඉඳල කතා කරාලු ටිකක් වැඩියෙන් දාගත්තු කොස්තාපල් කෙනෙක්ට.මිනිහටත් කොඩි ගහ පෙන්නුවලු ඊට පස්සේ මෙහෙම කිවුවලු."තමුසේ දැක්කනේ කලින් දෙන්න දාපු වැඩ?" කොස්තාපල් ඔව් කියල ඔලුව වැනුවලු.ඉතින් ඩී. අයි. ජී මෙහෙම කිවුවලු. "එහෙනං උන් දෙන්නා දෙපාරට කරපු වැඩේ උඹ එක පාර කරාපන්."කොස්තාපල් කොඩි ගහ දිහා බැලුවාලු ඊට පස්සේ ඩී. අයි. ජී ගේ මූණ බැලුවාලු. කෑ ගහලා ඇහුවලු "තමුසෙට පිස්සුද ඕයි කියල." ඩී. අයි. ජී අනික් ඩයල් දෙක දිහා බලලා මෙහෙම ඇහුවලු "මෙහෙම දෙයක් අහන්න තරම් නිර්භීත කමක් තියනවද තමුසෙලගේ ෆෝසස් වල එකෙකුටවත් "
Read more ...

Wednesday, June 17, 2015

කුඩා බස් රථය


තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් චූටි ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි චූටිට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි. 

"මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව...ගන්නව ගන්නව සල්ලි....කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා....මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව...පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං....ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ... පරක්කු වෙනවා" 

මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි. 

පුතාගේ වදන්වලින් කැළඹී ගිය චූටි ආදරයෙන් පුතු අමතා...... 

"අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා... අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ... කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා...මගේ හොඳ පුතානේ". කියා ඔහුට අවවාද දුනි. 

ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. චූටි ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි. 

"ආ.... ඔන්න ඔක්කොමල බහින්න......." 

බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් චූටිට දෙලෝ සිහිවිය. 

"මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... " 

"පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ටර්න් එකටත් බස් එක ගහල"

Read more ...

රාජකීය ඇතෙක්


ඔන්න එකොමත් එක කාලෙක ගම්මුලෑදෑනියයි, වලව්වේ හාමු මහත්තයයි ඉස්කෝලෙ ලොකු මහත්තයයි හෙන ගජ යාලුවොලු,ඉතින් මුන් තුන් දෙනා සෙට් වෙලා අඩියක් ගහන අතරෙ ඔන්න මුන්ගෙ ගෑනු ගැන කතාවක් ඇදිල ආවලු.හොද කතාවක් නම් බැරියැ ගෑනුන්ගෙ හොර මිනිස්සු ගැන තමයිලු කතාව.. 
ඉතින් පදමට සූර් වෙලා හිටපු ඉස්කොලේ මහත්තයා කියනවලු දුකෙන් 
“අනේ බලපන්කො මම හිතන්නෙ මගේ ගෑනිට හොර සම්බන්ධයක් තියෙනවනෙ අපේ ගමේ වඩුවත් එක්ක” 
“ඒ මොකෝ උඹ එහෙම කියන්නේ” කියල ආරච්චියා ඇහුවලු 
“දවසක් මම ගෙදර යනකොට ඇද යට තිබිල කියතක් හම්බ උනානෙ,ඒක මගෙ නෙවෙයි” 
“ඒක නේන්නම් බලහන්කො මම හිතන්නෙත් අපෙ ගෑනි වලන් ගේන එකත් එක්ක යාලුයිනෙ බන්” ආරච්චියා අඩ අඩ  කියනවලු 
“ඒ මොකෝ ඒ?”මේ පාර ඇහුවෙ ඉස්කොලය තමයි 
“දවසක් මම ගෙදර ඇද යට බලනකොට ඇද යට තිබිල මුට්ටියක් හම්බ උනානෙ ඒක අපේ ගෙදර එකක් නෙවෙයි” කියල 
ඔය ඔක්කොම අහගෙන හිටපු වලවුවේ හාමු මහත්තයා,”බලනකොට මගේ ගෑනි හොදයිනෙ බොලවු,ඒකී මේ අතපල්ලෙන් වැටිච්ච එවුන් එක්ක ගිහින් නෑනෙ” 
“හැහ්..! ඒ මොකො ඒ..” අනිත් දෙන්නම එක පාරට අහනවලු 
“අපේ එකීගෙ නම් සම්භන්දෙ තියෙන්නෙ වලවුවේ ඇතත් එක්ක තමයි,ඌ හොද පෙලපතක් තියෙන රාජකීය ඇතෙක්,ඒ මොකද මට දවසක් ඇද යට ඉදල ඇත්ගොවුවව හම්බ උනානෙ කියල” පොර ආඩම්බරෙන් කිව්වලු
Read more ...

හාර්ට් ඇටෑක්


'හාර්ට් ඇටෑක්' එකක් හේතුවෙන් සුප්‍රසිද්ධ හර්ද රෝග විශේෂඥයා හදිසියේ මිය ගියේය. අවමංගල සංවිධායකයන් විසින් වර්ණවත් අයුරින් සිදුකල අවසන් කටයුතු සඳහා පවුලේ අය,ඥාතීන් ,හිතමිතුරන් සහ වෛද්‍ය වුර්තිකයන්ද සහභාගී වුහ. සුවිශේසී මිනීපෙට්ටිටිය වලමත තබා ඇති අතර මිනීපෙට්ටියට පිටුපසින් රක්තවර්ණ පුෂ්පයන්ගෙන් සකස් කල හදවත හැඩය ගත් මල් පොකුරකි. ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මිනීපෙට්ටිය වල තුලට පමුණුවන අවස්ථාවේදී හදවතක හැඩය ඇති මල් පොකුරු හදවත විවර විය. මිනීපෙට්ටිය වලේ තැන්පත් වූ පසු මල් පොකුරු හදවත නැවත වැසුනි....... 
සියලු දෙනා සෝ බරිතව සිටි සංවේදී මොහොතේ නිශ්ශබ්දතාවය බිඳිමින් එක් අයෙකු ශබ්ද නඟා සිනාසෙන්නට වුයේය. සියලු දෙනාගේ නෙත් එම පුද්ගලයා දෙසට යොමු විය. ලැජ්ජාවට පත්වූ ඔහු "මට මතක් වුනේ, මම මැරුණහම මගේ අවසන් කටයුතු සිදුවෙන්නේ කොහොමද කියලා...... මම නාරි හා ප්‍රසව විශේෂඥයෙක්" යැයි කීය. 

නාරි හා ප්‍රසව විශේෂඥයා එසේ පවසත්ම අවසන් කටයුතුවලට සහභාගී වූ එක් පුද්ගලයෙකු සිහි මුර්ජා වී වැටුනේය...... 
..... 
..... 
..... 
ඒ ගුද මාර්ගය ආශ්‍රිත රෝග පිලිබඳ විශේෂඥයාය
Read more ...

අලුත් සෙබලූ


එක රටක හමුදාවට අලුතින් සෙබලු බඳව ගත්තාලු
අලුතින් සෙබලුන්ට ට්‍රේනින් දෙන දවස ආවා.මේකට තියෙන්නේ මිනිස් අනු රූ.. අර පඹයෝ වගේ උන්.. නිකම්ම වෙඩි තියන්න අමාරුයිනේ, පොඩි කික් එකක් දෙන්න එපැයි.. ඉතින් පුහුණුවේ ලොක්කා ඉදිරියට අවා. 
සුභ උදෑසනක් මා ප්‍රිය භටයනි. (මෙහෙම සුරතල් නෑ බන් මේ තනිකර මගේ තිර රචනාවක්) 

ඔබට පේනවා මා ඉදිරියේ ඇති මේ මිනිස් රූ. ඔබ හිතන්න ඕනෑ මේ ඉන්නේ දරුණු හොර කන්ඩායමක්. ඔබ ගෙදර නොහිටපු මොහොතක මුන් ඔබේ ගෙට කඩා වැදිලා ඔබේ අහිංසක අම්මවයි තාත්තාවයි අමු අමුවේ මරා දාලා, ඔබේ මේසෙ උඩ තිබ්බ ගල් අරක්කු බෝතලේ බීලා, ඔබේ නෝනාවයි නංගිවයි අමානුශික ලෙස දූෂණය කරලා, ගෙදර බඩු මුට්ටු පොඩි කරලා පැනලා ගියා. දැන් උන් ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබේ අතේ තුවක්කුව තියෙනවා. දැන් ඔබේ වාරයයි... " 

ලොක්කා මෙහෙම කියලා ඉවර උනා විතරයි කොල්ලෙක් එනවා ඉස්සරහට, මූ දත් මිටි කනවා, ඇස් රතු වෙලා, ඇඟම වෙවුලනවා. ලොක්කට ෆුල් හැපි. පොරගේ ටෝක සුපිරියට කොල්ලට වැදිලනේ.. කොල්ලා වෙවුල වෙවුල දත් මිටි කන ගමන් ලොක්කගෙන් අහනවා.... 

"සර් මොකාද මෙතනින් මගේ ගල් බෝතලේ බීපු එකා"
Read more ...

නාදුනන කටහඩ


ඔහු වීදියක් දිගේ ගමන් කරමින් සිටියේය. හදිසියේම ඔහුට හඬක් ඇසිණි. “තව අඩියක්වත් ඉස්සරහට තියන්න එපා. එහෙම කළොත් උඩින් වැටෙන ගඩොලක් ඔබ හිස මතටම වැටේවි.” ඔහු අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඔහු ඉදිරියේ ගඩොලක් බිම පතිත විය. 

ඊළඟ දිනයේ ඔහු වීදියක් හරහා පනින්නට සැරසෙන විට නැවතත් අර හඬ ඇසිණ. “පනින්න එපා. ඔබ මේ මොහොතේ පාර පැන්නොත් වාහනයක් ඔබ යට කරගෙන යාවි.” ඔහු වහාම අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඉතා වේගයෙන් වාහනයක් වීදිය දිගේ ඉදිරියට ඇදී ගියේය. 

“හැබෑට ඔබ කවුද ? ඇයි මගේ ජීවිතය දෙපාරක් ම බේරා ගත්තේ ? ” ඔහු ඒ හඬින් විමසීය. “මම ඔබේ ඉෂ්ට දේවතාවා” ඒ හඬ පිළිතුරු දුනි. 

“ඈ බොල. තෝ කොහෙද මගෙ කසාදෙ වෙලාවෙ හිටියෙ ?
Read more ...

පැස්බරා


එක් දිනක් එක් මිනිසෙක් පැස්බරෙකු සමඟ හෝටලයකට ඇතුළු විය. “මට ඉඳිආප්ප විස්සකුයි කුකුළු මස් කරියකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. පැස්බරා ද “මටත් ඒකමයි. ” කීය. වේටර් ගාස්තුව කී විට පසුම්බියෙන් මුදල් ඇද ඔහු එය හරියටම ගෙවීය. දිනපතා මෙසේ ඔහු සෑම සවසකම පැමිණ එම ආහාරයම ගත් අතර පැස්බරා ද එය ම ඇනවුම් කර භුක්ති වින්දේය. එසේම සෑම දිනකම ඔහු ළඟ හරියටම බිල ගෙවීමට මුදල් තිබිණ. 

එක් සිකුරාදාවක ඔහු පැස්බරා ද සමඟ හෝටලයට පැමිණියේය. “අදත් ඒ ඕඩරේම ද ? ” වේටර් විමසීය. “නැහැ. නැහැ. අද සිකුරාදා නෙ. මට බුරියානි එකකුයි වටලප්පන් එකකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. “මටත් ඒකම” පැස්බරා ද ඇනවුම් කළේය. එදා වෙනස් බිලක් නමුත් එය ද ගෙවීමට ඔහුගේ පසුම්බියේ හරියටම මුදල් තිබිණ. මෙයින් විමතියට පත් වූ වේටර් මේ ගැන ඔහුගෙන් විමසීය. 

“මටත් ඇලඩින්ගෙ පහන වගෙ එකක් හම්බ වුණා. ඒ භූතයා මට වර දෙකක් දුන්නා. මං ඉල්ලූ පළමු වරය වුණේ මං යමක් මිල දී ගන්න හැම අවස්ථාවකම ඒ බිල ගෙවන්න මගෙ පසුම්බියේ ගානටම මුදල් තියෙන්න ඕනෙ කියන එකයි. ” ඔහු පිළිතුරු දුන්නේය. “හරී පුදුමයි. වෙන මිනිස්සු මිලියන් ගණන් ඉල්ලද්දි ඔබ ඉල්ලූ දේ. ‘ වේටර් විමතිය පළ කළේය. මං කිව්වෙ මොකක් මිලදී ගත්තත්. ඒ කිව්වෙ රෝල්ස් රොයිස් එකක් හරි විසාල මාලිගයක් හරි.” ඔහු පිළිතුරු දුන්නේය. 

“එතකොට දෙවෙනි වරය ? ” වේටර් විමසීය. “ඊළඟට මං ඉල්ලුවෙ දිග බෙල්ලක් උස කකුල් හා ලොකු පස්සක් තියෙන කෙනෙක් හැම තිස්සෙම මං ළඟ ඉඳගෙන මං කියන හැම එකකටම එකඟ වෙන්න කියල.” ඔහු පැස්බරා දෙස බලමින් විස්සෝපයෙන් කතාව නිම කළේය.
Read more ...

Sunday, June 14, 2015

දෙවියන් යැදීම


රෑ කෑම මේසේදි දෙවියන් යදින එක කතෝලිකයන්ගේ පුරුද්දක්..එදා රෑ කෑම මේසේදි ඕක කරන්න නියම වුණේ අපේ ඇම්ඩට..හැමදාම කට්ටි පැන්නට එදානම් ඇම්ඩගේ තාත්තා ඇම්ඩව අල්ලගත්තා.. 

'අනේ තාත්තේ මං ඔරසන් කියන්න දන්නේ නෑනේ' 
ඇම්ඩා වෙනදා වගේම අදත් බේරෙන්න හිතාගෙන කිව්වා.. 

'මොනවා දැනගන්නද බූරුවෝ..අපි ගැන,සහෝදරයෝ ගැන,අසල්වැසියෝ ගැන,දුප්පත් අය ගැන දෙවියන්ට කියලා ස්තූති කරන්න.ප්‍රසංශා කරන්න.නැති දේවල් ඉල්ලන්න' 
ඇම්ඩගේ තාත්තා ඇම්ඩට ඔරසන් කියන හැටි කියලා දුන්නා.. 

ආදර දෙවියනි, 
ඔන්න ඇම්ඩත් පටන්ගත්තලු.. 

මගේ බිස්කට් සහ අයිස් ක්‍ර්‍රිම් ඉවර කල අපේ අසල්වැසියන්ට හා ඔවුන්ගේ දරුවන් අපේ ගෙදරට එවපු එකට ගොඩක් ස්තූතියි.ඔවුන් නැවත අප නිවසට නොඑන සේ ආශිර්වාද කරන්න. 
මාගේ සොහොයුරියගේ සියලු ඇදුම් ඉරා දමා අහිංසක ඇය සමග ඇද උඩ පොරබැදූ අයියාට සමාවදෙන්න. 
ලග එන නත්තලේදී තාත්තාගේ දුරකතනයේ සිටින ඇදුම් පැලදුම් අහිමි කාන්තාවන්ට ඇදුම් ලබාදෙන්න දෙවියනි. 
අවසාන වශයෙන්, 
මාගේ පියා නිවසේ නොමැති අවස්තාවන් වල මාගේ මවගේ කාමරය පාවිච්චි කරන නිවසක් අහිමි මිනිසාට නිවසක් ලබාදෙන්න.. 
ආමෙන්.. 

සියලූ දෙනාටම රාත්‍රී කෑම අහිමි වුණාලූ..
Read more ...

ගුවන් භටයා

හමුදා නවක පැරිශුට් භටයන් පුහුණු කිරීමේ කඳවුරක්.ප්‍රධාන නිලධාරියා සියලු අභ්්‍යාසවලින් අනතුරුව පලමු පැනීමට උපදෙස් ලබා දෙයි.. 


නිලධාරියා : හෙට පලවෙනි පිම්ම මීටර් 20 000 ක් උඩින් උඹලට පනින්න තියෙන්නෙ. ගුවන් යානයක් මගින් තමයි උඩට යන්නෙ. වෙන මොනවහරි ප්‍රශ්න තියනවද..? 

(එක භටයෙක් අත උස්සමින් සිටී) 

නිලධාරියා : ඔව් මොකද්ද තමුන්ට තියන ප්‍රශ්නෙ..? 

ගුවන් භටයෙක් : පලවෙනි පිම්ම නිසා තව 10 000 ක් අඩු කරන්න බැරිද තුමනි..? 

නිලධාරියා : මොනවද මනුස්සයෝ පැරෂුට් එකක් දාගෙන මීටර් 20 000ක් පැනගන්න බයද තමුසෙ..? 

ගුවන් භටයෙක් : ආ පැරෂු‍ටුත් දෙනවද තුමනි..?
Read more ...

Thursday, June 11, 2015

මුහුදු කොල්ලකරුවෙක්



මුහුදු කොල්ලකරුවෙක් තැබෑරුමකට ගියා කාලෙකට පස්සේ.ඒකේ බා ටෙන්ඩර් මිනිහගේ යාලුවෙක්. 
බා ටෙන්ඩර් මිනිහව දැකල මෙහෙම ඇහැව්වා. 

"යාළුවා ගොඩ කාලෙකට පස්සේනේ දැක්කේ.සෑහෙන්න වෙනස් වෙලා මොකද මේ ලී කකුලක්??" 

"ආ ඒකද?? ඒක මේ නැව කුණාටුවකට අහුවුණුපාර කුඹ ගහ කකුල උඩට වැටුණා.කකුල කපන්න වුනා.අපේ හිටපු වඩුවා මට ලී කකුලක් දැම්මා,ඒක දැන් වඩාත් හොඳයි." 

"හ්ම්..ඒකත් එහෙමද??ඇයි මේ වම් අතේ මැණික් කටුව ගාවින් කොක්කක් දාලා?" 

"අපි ගිය මාසෙ රාජකීය නාවික හමුදාවත් එක්ක මුහුදු සටනක් ගියා. කඩු පාරක් නිසා අත වෙන්වෙලාම ගියා.ඉතින් වඩුවා කොක්කක් හදලා පෑස්සුවා" 

"ඇහැට මොකද වුනේ ඇයි මේ අයි පැච් එකක් දාල තියෙන්නේ?" 

"දවසක් මම අහස දිහා බලන් ඉද්දි මුහුදු ලිහිණියෙක් ඇහැට වර්චස් පාරක් අතෑරියා" 

"ඉතින් වර්චස් වලට ඇස් අන්ධ වෙන්නේ නෑනේ." 

"ඒක තමා.මට ඕනේ වුනේ ඒක පිහදාන්න.ඒත් මට අමතක වුනා මගේ කොක්ක දාපු අත ගැන.
Read more ...

Tuesday, June 9, 2015

හිට්ලර්


මානසික රෝහලේ රෝගීන් පරීක්ෂා කරමින් ඔවුන් සමඟ කතාබහෙන් තරමක් සමීපවීමට සිතු වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ පළමු ඇදේ සිටි රෝගියාගෙන් මෙසේ විමසීය. 

වෛද්‍යවරයා - "මේ මහත්තයාගේ නම මොකක්ද?" 

රෝගියා - "මම තමයි හිට්ලර්" 

වෛද්‍යවරයා - "මොකක්! හිට්ලර්? කවුද කිව්වේ ඔබතුමාට ඔබතුමා තමයි හිට්ලර් කියලා ? 

රෝගියා - " මට ඒක කිව්වේ කතරගම දෙයියෝ" 

මෙය අසාගෙන සිටි එහා ඇදේ සිටි රෝගියා මෙසේ කීවේය. 
" අපෝ..ඔය බොරු. මම එහෙම එකක් කිව්වේ නෑ..."
Read more ...

Thursday, June 4, 2015

මිලියන්බක්ස්


සුද්දො දෙන්නෙක් මාලු බාමින් සිටියහ

1වෙනි සුද්දා - ඒ මචං, සිගරට් එකක් බොන්න ඕනෙ. උඹ ලග ලයිටරයක් තියනවද ? 
2වෙනි සුද්දා - ආ මචං 

කියමින්පලවෙනි සුද්දාට අගල්10ක් දිගBIC ලයිටරයක් දුන්නේය . 
අගල්10ක් දිගබික් ලයිටරය දැකීමෙන් විස්මයට පත් පලවෙනි සුද්දා දෙවනි සුද්දාගෙන් මෙසේ ඇසීය 

1වෙනි සුද්දා - අඩේ . . . පට්ටනෙ මචං. උඹට කොයින්ද මෙච්චර දිගලැයිටරයක් ?? 
2වෙනි සුද්දා - මට හම්බඋනා මචං මැජික් ලාම්පුවක් . . . .ඒකෙ ඉන්නබූතයා තමයි ඕක මැවුවෙ 
1වෙනි සුද්දා - අඩෝ මාරයිනෙ . . . මේ මචං, බැරිද මටත්උගෙන් බඩ්ඩක් බල්ලන්න?? 
2වෙනි සුද්දා - (ලාම්පුව අරූටදෙමින්) ඉල්ලද්දිපැහැදිලිව කියපං ඕනෙ දේ . . . ඔය බූතයට කං ඇහෙනව ටිකක් අඩුයි 

පලවෙනි සුද්දා ලාම්පුව අතුල්ලයි. . . බූතයෙක් මතුවෙයි 
බූතයා - කියන්ඩඅයියාහ් . . . මොනාද ඕනාහ් . . . 
1වෙනි සුද්දා - මට දෙන්න මිලියන්බක්ස් 
බූතයා - රයිටෝ අයියාහ් . . . 
කියමින්බූතයා පහනට ඇතුල්වේ. තප්පර දහයකින්පමන තාරාවෝ මිලියනයක්සුද්දන් දෙන්නගේ ඉහට උඩින් කරක්ගහමින් සිටී.

1වෙනි සුද්දා - ඈ බං . . . මම ඉල්ලුවේ මිලියන් බක්ස්නේ . . . මේකා දීල තියෙන්නෙ මිලියන් ඩක්ස්නේ . . . . ???? 
2වෙන් සුද්දා - දැං උඹ හිතන්නෙ මම මේකගෙන් ඉල්ලුවෙ අගල්දහයෙ බික් එකක් කියලද ???
Read more ...

Wednesday, June 3, 2015

මට තියෙන ප්‍රශ්නය


අම්ම : - උඹ බැඳපු දවසක ගෑනි සතියෙන් ආපහු ගෙදර යනව. බලපන් කාමරේ හැටි. අපාය වගේ. 
තාත්ත: - අනේ පුතේ උඹනම් මම වැටිච්ච අමාරුවේ වැටෙන්න එපා. පේනවනෙ මම විඳින දුක. මමනම් ජීවිතේට ආයෙ කසාද බඳින්නේ නෑ. 
දන්න කියන අක්ක කෙනෙක් : - මල්ලි උඹ බඳින කෙල්ලට උයන එකනම් හරි ලේසි වෙයි. උඹට ඉතිං රස ගුණ ගානක් නෑනෙ. දෙන දෙයක් කාල ඉන්නවනෙ 
මම : - (තනියම කල්පනා කරමින්) මොකක් උනත් ඉක්මනින් ඇඳ හෙල්ලෙන එකයි කිරිං කිරිං සද්ද ඇහෙන එකයි හදාගන්න වෙයි...
Read more ...

හතර බීරි කතාව


වීරකෝන් දරු ප්‍රසූතියකට ආසන්නව සිටි තම බිරිඳ රෝහල් ගතකොට, එම වාට්ටුවේ සිටි තමා දන්නා හඳුනන හෙදියක හමුවී මෙසේ කීවේය. 

‘මිසී මට දැන් මම වැඩ කරන කන්තෝරුවට යන්ඩ වෙනවා. අපෙ හාමිනේට බබා ලැබුණා ම මිසී අපේ ඔෆිස් එකට කෝල් එකක් දෙන්ඩ. ඒකට උත්තර දෙන්නෙ අපෙ ලොකු මහත්තයා. ඒ හින්දා පුතෙක් හම්බවුණොත් මිසී කියන්ඩ වීරකෝන් විභාගෙ පාස් කියලා. දුවෙක් හම්බවුණොත් කියන්ඩ මම විභාගෙ ෆේල් කියල.” 

එදා දවල් වරුවේ වීරකෝන් තම කාර්යාලයේ කිසියම් වැඩක යෙදී සිටියදී ප්‍රධානියා ඔහුට කතා කොට මෙසේ කීවේය. 

‘වීරකෝන්, කවුදෝ ගෑනු කෙනෙක් කතා කරලා කිව්වා තමුසෙ විභාගෙ පාස්ලු. ඒ වගේ ම විභාගෙ ෆේල්ලු. මොකක්ද අයිසෙ ඒ හතර බීරි කතාවේ තේරුම?
Read more ...

Saturday, May 30, 2015

කව්සිළුමිණ



දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට) 

දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්‍රශ්ණයක් 

“ කව්සිළුමිණ ලියුවේ කවුද ? ” (පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ) 

දැන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු…… 

පොලිස් අධිකාරිත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා 

“හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ” කියලා…… 

මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න වුනා….. පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා කීවා “මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා” කියලා….. 

දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවා… එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි……..

අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා…… රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා……. 

අපිට වගේම මේක දැකලා ලොක්කටත් මඤ්ඥං හින්දා ඇහුවා “මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියලා 

….. එතකොට අර රාළහාමි උත්තර දෙනවා…… 

“සර්…. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ…… මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා………..”
Read more ...

Thursday, May 28, 2015

බහිරවයා


සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය. 

ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි. 

තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය. 

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.

දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය... 


"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය. 

"ඕහ්... ැද්දට සමාවෙන්න අපෙන් වෙච්ච... අපෙන් " සැමියා සමාව ඉල්ලා සිටියේය. 

"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි. 

"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!" 

"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි. 

"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය. 
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය. 

"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය. 

"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ. 

"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය. 

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??" 

මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය. 

"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය. 

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?" 

"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය. 

"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"
Read more ...

Tuesday, May 26, 2015

අහිංසක ගෑණු



දිනක් වන්දනාවක් සඳහා පිටත් වෙමින් තිබූ බසයක්, අතරමගදී කොල්ලකරුවන් කණ්ඩායමකගේ ග්‍රහණයට හසු විය. 
කොල්ල කණ්ඩායමේ නායකයා බසයට ගොඩ වී මෙසේ තර්ජනය කළේ ය. ...

අපි මහ දරුණු කොල්ලකාරයෝ, අපි මේ බස් එකේ පිරිමින්ට අයිති හැම දෙයක්ම ගන්නවා, ඒ වගේම අපි මේ බස් එකේ ඉන්න හැම ගැණියෙක්ටම අතවර කරනවා... 
එවිට, කොල්ලකරුවන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට සිතූ නඩේ ගුරා, අනේ අපිට අයිති ඕන දෙයක් ගන්න, ඒත් මේ අහිංසක ගෑණු උදවියට නං හිරිහැරයක් කරන්න එපා... යැයි ආයාචනා කළේ ය. 

ඒ සමඟම බසයේ පසුපස අසුනක සිටි එක් මැදිවියේ කාන්තාවක් උස් හඬින් මෙසේ පැවසුවා ය. 
ඒ ළමයින්ට කැමැති දෙයක් කර ගන්න ඉඩ ඇරලා නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි
Read more ...

Wednesday, May 20, 2015

උපන්දින පාටිය


ටොම්බ කලුවා කියලා අප්‍රිකානු ඩයල් එකක් හිටියා.. මිනිහා හෙන බුද්ධිමත් පොරක්.. දවසක් මෑන්ට එයාගේ හොදම යාලුවෙක්ගේ උපන්දින පාටියට එන්න කියලා ආරාධනාවක් ලැබුණා.. හැබැයි ඉතිං පාටියට එනකොට යාලුවෝ සෙට් එකට කලු කලිසමයි, කලු කෝට් එකයි ඇදගෙන එන්න කියලා තිබුණේ. 

ටොම්බ කලුවටත් අතේ සතේ නැති වෙලාවේ කොහෙන් ගන්නද ඇදුම්. එ‍හෙම හිතලා මිනිහා යාලුවෙක්ගෙන් ඉල්ලලා බැලුවා. උන්ටත් තියෙන්නේ එක ඇදුමක්ලූ. 

"දැන් ඉතිං මොනව කරන්නද? මිනිහත් දහ අතේ කල්පනා කරනවලූ. ටික වෙලාවකින් මිනිහට හොද අදහසක් ආවා.පාටිය තියෙන්නේ රෑට.මම කලු හින්දා කට්ටිය අඩියක් ගහනවෙලාවට නිරැවතින් ගියාම ඕවා මොනවත් පේන එකක් නෑ" 

ඔන්න දවස උදාවුණා. කට්ටිය බොනකන් ඉදලා ටොම්බ කලුවා නිරැවතින් ගියාලු පාටියට. 

"මොකද බං පරක්කු වුණේ" ලැම්ඩා විමසීය. 

"ට්‍රැෆික් එකට අහුවුණා බං එන ගමන්" 

කිසිවෙකුගේ අවධානය තවදුරටත් යොමු නොවූ බැවින් තමාගේ උපාය සාර්ථකව සිදුවීම පිළිබද ඔහු ප්‍රීතියෙන් පසුවිය. 
එම සතුට හුගක් වෙලාවක් නොපවතින බව සුලු මොහතකින් වැටහී ගියේ එක්වරම කඩාපාත්වූයේ ඔබ දන්නා හදුනන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයෙකි. වෙන කවුරැවත් නෙමෙයි අපේ ඇම්ඩා තමයි.වෙරී මතින් වැනී වැනී ඔවුන් දෙසට පැමිණියහ. 

දන්නවනේ අපේ එවුන් බොන්න කලින් කතා කරන්නේ කෙල්ලෝ ගැනයි, බඩු ගැනයි, පච කෝටියක් විතර දාලනේ.බිව්වට පස්සේ කතාකරනේ සදාචාරය, දේශපාලනය, කාන්තා හිංසනය, අයිතිවාසිකම් පිලිබදව. 

ඔය වගේ දැන් කතාබහ යන අතරතුරේ බොහෝ වේලාවක් ටොම්බ කලුවා දෙස තම උකුසු ඇස යොමුකරමින් ඇම්ඩා නිරීක්ශණය කිරීමට පටන් ගත්හ. ඇම්ඩගේ මේ හැසීරීම එහි සිටි මිතුරන්ටද ගැටලුවක් විය. 

"මොකද බං සද්දේ නැත්තේ?" එහි සිටි මිතුරෙක් විමසීය. 

"උඹ හැමදාම මොනවහරි වල් කතාවක් කියලා ආතල් දෙනවා වගේ අදත් කතාවක් කියහන්කෝ " ලැම්ඩා එහි සිටි මිතුරන් කුල්මත් කිරීමේ අදහසින් පැවසීය. 
තවමත් ටොම්බ කලුවා දෙස බලමින් ගොලුවත රැකසිටි ඇම්ඩා තම කඩ හඩ අවදිකලේය. 

"මොකද්දෝ අවුලක් තියෙනවා මුගේ ඇදුමේ" 

යහලුවන්ගේ අවධානයද මෙවර ටොම්බ කලුවා වෙත යොමු විය. 

ටොම්බ කලුවාට හීන්දාඩිය දැමීමට පටන් ගත්තේය. "මළා ඇම්ඩා කරටි කැඩෙන්න ගහලා හිටියත් හොද සිහියෙන් නේ ඉන්නේ" 

ඔය කලු කුමාරයා වගේ හොදට ඉන්නේ අපේ ටොම්බා.ඕකේ තියෙන අවුල මොකද්ද " ලැම්ඩා තවත් වීදුරැවකට වයින් වත්කර ඇම්ඩා වෙත දිගු කළේය. 

එම වයින් වීදුරැව අතැතිව එක්වරම තම ඇගිල්ල ටොම්බ කලුවගේ අරක වෙත දිගුකරමින් "වැරද්ද හොයාගත්තා !! වැරද්ද හොයාගත්තා !!" 

මෙවර ඇම්ඩාගෙන් ගැලවුමක් නොවන බව තේරැම්ගත් ටොම්බ කලුවා "මො...කද්...ද...මොකද්ද........ වැරැද්ද" වචන පැටලෙමින් හීන් හඩින් විමසීය. 

"උඹ ටයිපටිය එල්ලන් ඉන්නේ වැරදි තැනනේ" ඇම්ඩා කොක් හඩලමින් පැවසීය
Read more ...

Tuesday, May 19, 2015

වැදි කෙල්ල


ඔන්න දවසක් ඇම්ඩාට ආසාවට දඩයමෙ යන්න හිතුනා. මු ඉතින් කැලේට ගිහින් මුවෙක් නෙලාගෙන එන්න ලෑස්ති උනා. මූ දෑන් මුවාවත් කර ගහගෙන කෑලේන් එලියට එනවාලු.එහෙම එනකොට මුට තේරුනාලු නිකම් එකතෑනම එහාට, මෙහාට යන එන ගතියක්. පොඩ්ඩක් හොදිසියෙන් බලනකොට මු මෙච්චර වෙලා එහාට,මෙහාට කැරකිලා තියෙන්නෙ එකම තෑන. දැන් ඉති මුට පාර අමතකයි. මාරා අප්සෙට් එක. 

දෑන් ඉතින් මොනවාද කරන්නෙ හිත හිතා මු, වටපිට බල බල ඉස්සරහටම ගියා.මෙහෙම පාර හොයා ගෙන ඈවිද ඈවිද ඉන්නකොට ඇම්ඩා දැක්කා මීවද කඩන්න කැලේට ආපු වැදි කෙල්ලෙක්ව.වැද්දො ටිකක් එක ජාතියක පොරවල් නිසා,මේකිගෙන් බය කරලා හරි පාර අහගන්න ඔනේ කියලා හිතපු ඇම්ඩා, තුවක්කුවත් ලෑස්තිකර ගෙන වැදි කෙල්ල ලගට ගියා. ගිහින් තුවක්කුව ඒකීගේ ඔලුවට තියලා ඇම්ඩා මෙහෙම අහනවා. 

"හොද හිතින් මට කැලෙන් එලියට යන පාර කියපන්, නෑත්නම් මම උඹව මෙතනම දාගෙන දුශණය කරනවා.උබ දැනගනින්. ඒ නිසා කරදරේ වැටෙන්නෙ නැතුව මට ඉක්මණට පාර පෙන්නපන්..... 

වැදි කෙල්ලත් මුලින්ම හොදටම බයවෙලා ඇම්ඩා දිහා බෑලුවා.ටිකවෙලාවකට බයටම ඒකිට කතා කරගන්න බෑරි උනා. ටික වෙලාවකින් මේකී ඇම්ඩා කරේ තියාගෙන ඉන්න මැරිච්ච මුවා දිහායි,ඒකීගේ ඉණේ තියන මී පැණි ගොට්ටයි දිහා බලලා ලැජජාවෙන් ඇඹරී,ඇඹරී මෙහෙම කියනවාලු........... 

හුරා ගාව දඩමසුත් තියනවා...මයි ලග මී පැණිත් තියනවා....පාරනම් කියන්නේම නෑ.....!!!!!!
Read more ...

Monday, May 18, 2015

නිරුවත් කෙල්ල


ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ඇම්ඩගෙ ටැක්සි එකකට නැංගා. 

ඇම්ඩන්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ඇම්ඩන් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද? 

ඉතින් ඇම්ඩත් ගානක් නැතිව කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"
Read more ...

Sunday, May 17, 2015

මැජික් බියර්


කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්. 

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ? 
කොල්ලා : මේක මැජික් බියර් එකක්! 



Read more ...

Saturday, May 16, 2015

තාත්විකව රූගත කිරීම


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න තම නවතම චිත්‍රපටයේ ජවනිකා මහා මාර්ගයක රූගත කරමින් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ එම ජවනිකාවේ රඟපෑ නළුවා පාරේ යන මඟියකු හා කලබලයක් ඇතිකර ගන්නා දර්ශනයක් ඉතා තාත්විකව රූගත කිරීමටය. 

මහපාරෙන් බැහැර තැනක, මිනිසුන්ගේ අවධානයට හසුනොවන අයුරින් කැමරාව තැබීමට උපදෙස් දුන් හෙතෙම එම කොටස රඟපාන නළුවා කැඳවා පාරේ ඈත එමින් සිටි ජෝඩුවක් පෙන්වා මෙසේ උපදෙස් දුන්නේය. 


Read more ...

සෑමියගෙ පමාව.

සෑමියගෙ පමාව. 
---------------------------------- 
අපේ මහත්තයනම් දෑන් රෑ වෙන්ඩත් කලින් ගෙදර එනව අනේ. කුමාරගෙ බිරිද උදම් ඈනුවාය. 
අනේ කොහොමද ඔයා ඒක කලේ, වෙනද රෑ 12ත් පහු වෙනවා කියල ඔයාමනෙ කියන්නෙ.රත්නපාලගෙ බිරිද ඈසුවාය. 

"ඔව් ඔව්.." 





Read more ...

ඇම්ඩගේ උප්පත්ති කතාව...





Read more ...

Wednesday, May 13, 2015

Secret Garden




Romance, comedy, Fantasy යන වර්ග යටතේ හමු වන" Secret Garden" 
නම් කොරියන් ටෙලි කතාව ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් සදහන් කිරීමටයි  මේ වෑයම. stuntwoman (නිළිය වෙනුවට ත්‍රාස්යජනක අවස්ථා රගපාන අතිරේක නිළිය) කෙනෙක් හා සියලු සැප සම්පත් ඇති එක ආයතනයක CEO අතර ඇති වන පේමය මේ නාට්‍ය තුල ගලාගෙන යයි..




Read more ...

Tuesday, February 10, 2015

Emergency Couple

        




           Emergency Couple  දකුණු කොරියාවේ tvN නාලිකාවේ 2014 දී විකාශය වූ කතා ටෙලි නාට්‍යකී. මෙම නාට්‍ය  romantic comedy/medical drama ගණයට අයත් වේ. 
Chang-min හා Jin-hee දෙමාපිය කැමැත්තට එරෙහිව විවාහා වන අවස්ථාවකින් කතාමාලාව ආරම්භ වේ.
දෙදෙනා තුල ඇති අවිස්වාසයත්, ඔවුන්ගේ දෙමාපිය පවුල් පසුබිමත් සමග  ආදරය විවාහයේදී බිදී යන අයුරු පැහැදිලිව පෙන්වා දී ඇත.
එමෙන්ම ක්ෂණික විවාහය මගින් තමන්ගේ සිහින පසෙකින් තබා මුදල් ඉපයීමේ යුද්දයට ඔවුන් මැදි වෙයි. කලක් යන විට  දෙදෙනා නුරුස්සන ස්වභාවයට පත් වී ගැටුම් ඇති වන ආකාරය දැකගත හැක. මෙසේ විවාහය දික්කසාදයෙන් කෙලවර වී අවුරුදු 6ක් ගෙවී ගියපසු...



Read more ...

Monday, February 9, 2015

trafficmonsoon වලින් සල්ලි හොයමු...

පසුගිය අවුරුද්දේ ආරම්භ කරන ලද වෙබ් අඩවියක් පිලිබදව පුංචි පැහැදිලි කිරීමක් කරන්නයි මගේ බලාපොරොත්තුව. මේ සයිඑ එක PTC (paid to click) සයිට් එකක් වගේ වුනත්. එය එසේ නොවෙයි. මෙය traffic exchange සයිට් එකක්.
 මේ ආකාරයේ ඇඩ්ස් ඔබට දිනපතා ලැබෙනවා. ඔබේ ගිණුමේ(මේ වෙබ් අඩවියේ account එකේ)
$ 2ක් සම්පුර්ණ වූ පසුව මුදල් ලබා ගැනීම කරන්න පලුවන්. Paypal , Payza අන්තර්ජාල බැංකු ගිණුම් සදහා මුදල් ලබා ගන්න පුළුවන්...
Read more ...
Designed By Published.. Blogger Templates