Breaking News

Monday, December 23, 2013

කාලාම සූත‍්‍රය

පසුබිම 
පෙර ලිපියෙහි සඳහන් කරන ලද පරිදි මෙහි “කාලාම සූත්‍රය” විග්‍රහ කෙරෙයි. කියන ලද පරිදිම පළමු ලිපියට රූපවාහිනී වැඩසටහනක් නිමිති වුවද මෙම ලිපිපෙළ එවන් වැඩසටහනක් ඇසුරින් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තක් අපට නැත. නමුත්, වාසනාවට හෝ අවාසනාවට පසුගිය “දොරමඬලාව” වැඩසටහනකින් අනපේක්ෂිත පරිදි නැවතත් “කාලාම සූත්‍රය” සාකච්ඡාවට බඳුන් විය. මෙම ලිපිය පළමුව “අපණ්ණක ප්‍රතිපදාව, කාලාම සූත්‍රය සහ ජාතිකත්ව සිහිය” මැයෙන් ලියා තිබුනද එය නැවත සකසා මෙසේ ඉදිරිපත් කරන්නේ එසේ නොකරම බැරි තැනය. පවතින මාධ්‍ය ප්‍රවණතා තුල “දොරමඩලාව” වැඩසටහන වටිනා සාකච්ඡා ගණනාවක් අප වෙත තිලිණ කර ඇත. ඒ සමහර වැඩසටහන් අප වෙත ලබා දෙන චින්තන වින්දන ශක්තීන්ට අපේ ස්තුතිය හිමිවෙයි. නමුත් “දොරමඩලාව” තුලින් හෝ ධර්ම විරෝධී මතයක් යමෙක් විසින් ඉදිරිපත් කළහොත් ඒ නෑසූ කන්ව සිටීමට නොහැකිය. එය සාකච්චාවට සහභාගී වන්නන්ගේ පුද්ගලික මතයක් වුවද “දොරමඩලාව” හරහා යම් සමාජ ගත වීමක් වන නිසාත් විශේෂයෙන් ධර්මය පිලිබඳ කාරනාවක් වන නිසාත් අප ඒ විමසා බැලිය යුතුය. එබැවින් අප ඉදිරිපත් කරන අදහස්ද නුවණින් විමසා බලත්වා.!! 

Read more ...

මිතුරන්



බුද්ධ දේශනාවන්හි සදහන් වන පිරිදි මේ මිත්‍රයා යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කරන එක් සාධකයකි.අපට මිතුරන් තෝරාගැනීමේදී බුදුරදුන් යම් කිසි පිලිවෙතක් වදාල සේක.එය නම් මිතුරෙකු තෝරාගැනීමේදී මුලින්ම අපට වඩා ගුණයෙන් ඉහල අයෙකු තෝරා ගැනීමයි.එසේත් නැත්නම් අපට ගුණයෙන් සමාන හෝ මිතුරෙකු තෝරා ගැනීමයි.අප බලාපොරොත්තු වන මිතුරාගේ එම ගතිගුණ නොමැතිනම් තනිව වාසය කිරීම වඩාත් සුදුසුයැයි බුදුරදුන් පෙන්වා දුන් සේක.

මිතුරන් ප්‍රධාන කොටස් 2කි. ඒ කළ්‍යාණ මිතුරන් (යහපත් මිතුරන්) හා පවිටු මිතුරන්ය (පාප මිත්‍රයන්).බුදුරජාණන් වහන්සේ
කළ්‍යාණ මිතුරන් සිව් දෙනෙකුත් පවිටු මිතුරන් සිව් දෙනෙකුත් බැගින් වදාලහ.මෙතැන් සිට අපි ඔබට පෙන්වා දෙන්නේ ඒ ඒ
මිතුරා තුළ ඇති ලක්ෂණයන්ය.

Read more ...

Sunday, December 22, 2013

හැකියා නොහැකියා අත්හරින හැකියාව…


පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

අද අපි ඔය අයට පොඩි කාරණාවක්‌ සිහිපත් කරල දෙන්නයි කල්පනා කළේ. මේ කාරණාව පොඩියි වගේ වුනාට ඒක ඇත්තටම පොඩි නෑ. හැබැයි බැලු බැල්මට කෙනෙක්‌ මේ කාරණාව පොඩියි කියල සලකන නිසයි මේක පොඩි කාරණාවක්‌ කියල කිව්වේ.... මොකක්‌ද ඒ කාරණාව, අපි හොඳට තේරුම් ගන්ට ඕන අපි හැම කෙනෙකුටම යම් යම් හැකියාවන් තියෙනවා. ඒ වගේම නොහැකියාවන් තියෙනවා. හැබැයි හැමෝටම හැම දෙයක්‌මත් පුළුවන්ද...? ඒත් බෑ. ඒ වගේම හැමෝටම හැම දෙයක්‌ම නොහැකිද...? ඒත් නෑ. සමහර අය ඉන්නවා ගොඩක්‌ දේවල් බෑ. සමහර අය ඉන්නවා ගොඩක්‌ දේ පළුවන්. ඒ කියන්නේ සමහර අයගේ දක්‌ෂකම් වැඩියි. සමහර අයගේ අදක්‌ෂකම් අඩුයි.

උදාහරණයක්‌ කිව්වොත් සමහරුන්ට හොඳට කට පාඩම් හිටිනවා. සමහර අයට අකුරක්‌වත් පාඩම් හිටින්නේ නෑ.

Read more ...

ධර්මය දිවියට ගැළපූ විට ලැබෙන සුව අපමණය

       පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි


 හොඳට මතක තියාගන්න, අපි ධර්මය ඉගෙන ගන්නවා වාගේම, ඒ ධර්මය ජීවිතයට ගලපා බලන්නත් පුරුදු වෙන්ට ඕනැ. අන්න එහෙම අපි පුරුදු කරගත්තොත් තමයි අපිට රාගය, ද්වේෂය, මෝහය අපේ සිතේ ඉස්මතු වෙලා එනකොට ඒකට යට නොවී අපේ හිත රැකගන්ට අවස්ථාව ලැබෙන්නේ. හැබැයි මේ කටයුත්ත තම තමා තනිවම කරගන්ට ඕනැ. කළ්‍යාණ මිත‍්‍රයා කරන්නේ ඒකට මඟ පෙන්වීම යි. ඒ උපකාරය ඇතුව තමා විසින් කරගත යුතු ප‍්‍රධානම දෙයක් තමයි යෝනිසෝමකසිකාරය ඇති කරගැනීම. අපි ආර්ය සත්‍යය හොඳින් ඉගෙන ගන්ට ඕනැ. ඉගෙන ගෙන මෙයයි දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුකේ නැතිවීම, මෙයයි දුක නැති කිරීමේ මඟ කියන මේ ආර්ය සත්‍යය අපගේ ජීවිතයට ගලපා බලන්ට අපි පුරුදු වෙන්ට ඕනැ.
Read more ...

අඩු සම්පත් ඇතිව ඉපදීමට (අල්පේශාක්‍ය වීමට) හේතු

 


අඩු සම්පත් ඇතිව ඉපදීමට (අල්පේශාක්‍ය වීමට) හේතු

ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා ඉස්සාමනකො හොති, පරලාහසක් කාර ගරුකාරමානනවන් දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පෙසක්ඛො හොති.

අප්පෙසක්ඛසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - ඉස්සාමනකො හොති, පරලාභසක්කාර ගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අන් අයට ලැබෙන ලාබ සත්කාර ගරුකිරීම් දන්දීම් පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා කරයිද, සිත දූෂිත කරගනියි ද, වෛර බැඳ ගනියිද මෙසේ ඔහු හෝ ඇය අන් සැපතට ගැරහීම හේතුවෙන් සිදුකර ගන්නා වූ අකුසල විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අල්පේශාක්‍ය වෙයි. මෙය අල්පේශාක්‍ය වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

Read more ...

මගේ මරණය

මගේ මරණය
සියලු දෙනම හඩාවි - මා මැරුණ දවසට
දැනේවි දැඩි දුකක් - දේහය ගෙට ගෙනෙන විට
හඩාවි දැඩි සොවින් - රැගෙන යන විට දේහය
කදුළු ඒවී දෑසට -  සත් දින බණ කියන විට

ගිය පසුව තෙමසක් - සිහි කරාවි මගේ ගුණ
එහෙත් එයට වැඩියෙන් - කතා කරාවි ආ ගිය තොරතුරු
සතුටක් දේවි සැමට - නෑයන් එක්තුව සිටීම
දුකක් වේවි ඔවුන්ට - මගේ වියෝව නොව
දනින් පසු - ඔවුන්ගේ වෙන්ව යාම

විසිතුරු එළි බැබැලේවි - ගතවූ පසුව වසරක්
සැණකෙළියක් වේවි - සැවොම කා බී සතුටුවන
අමතකය සැම හටම - මා සිටි බවක්වත්
යලි නො එන බව දනිමි - මා නිසා කිසි දුකක්

Read more ...
Designed By Published.. Blogger Templates