Breaking News

Wednesday, June 17, 2015

අලුත් සෙබලූ


එක රටක හමුදාවට අලුතින් සෙබලු බඳව ගත්තාලු
අලුතින් සෙබලුන්ට ට්‍රේනින් දෙන දවස ආවා.මේකට තියෙන්නේ මිනිස් අනු රූ.. අර පඹයෝ වගේ උන්.. නිකම්ම වෙඩි තියන්න අමාරුයිනේ, පොඩි කික් එකක් දෙන්න එපැයි.. ඉතින් පුහුණුවේ ලොක්කා ඉදිරියට අවා. 
සුභ උදෑසනක් මා ප්‍රිය භටයනි. (මෙහෙම සුරතල් නෑ බන් මේ තනිකර මගේ තිර රචනාවක්) 

ඔබට පේනවා මා ඉදිරියේ ඇති මේ මිනිස් රූ. ඔබ හිතන්න ඕනෑ මේ ඉන්නේ දරුණු හොර කන්ඩායමක්. ඔබ ගෙදර නොහිටපු මොහොතක මුන් ඔබේ ගෙට කඩා වැදිලා ඔබේ අහිංසක අම්මවයි තාත්තාවයි අමු අමුවේ මරා දාලා, ඔබේ මේසෙ උඩ තිබ්බ ගල් අරක්කු බෝතලේ බීලා, ඔබේ නෝනාවයි නංගිවයි අමානුශික ලෙස දූෂණය කරලා, ගෙදර බඩු මුට්ටු පොඩි කරලා පැනලා ගියා. දැන් උන් ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබේ අතේ තුවක්කුව තියෙනවා. දැන් ඔබේ වාරයයි... " 

ලොක්කා මෙහෙම කියලා ඉවර උනා විතරයි කොල්ලෙක් එනවා ඉස්සරහට, මූ දත් මිටි කනවා, ඇස් රතු වෙලා, ඇඟම වෙවුලනවා. ලොක්කට ෆුල් හැපි. පොරගේ ටෝක සුපිරියට කොල්ලට වැදිලනේ.. කොල්ලා වෙවුල වෙවුල දත් මිටි කන ගමන් ලොක්කගෙන් අහනවා.... 

"සර් මොකාද මෙතනින් මගේ ගල් බෝතලේ බීපු එකා"

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates