Breaking News

Tuesday, June 23, 2015

අත ගැනීම


දිල්රුක්ෂිගේ පියා හමු වූ ඉන්දික 
කෙලින්ම පැවසුවේ ඇගේ අත ගැනීමට තමා කැමති බවය. 
එහෙත් දිල්රුක්ෂිගේ පියා ඊට එකග නොවී මෙසේ පැවසුවේය. 


පියා - මම කොහෙත්ම කැමති නෑ මගේ දුව මුලු ජීවිත කාලෙම බූරුවෙක් එක්ක 
ඉන්නවා දකින්න. 



ඉන්දික - ඒක මම දන්නවා ඒ හින්දා තමයි මම එයාව බැදලා එක්කන් යන්න හැදුවේ
Read more ...

Saturday, June 20, 2015

රක්ෂණය


ඇමරිකාවේ ආමි එකට අලුතින් බැඳෙන සොල්දාදුවන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දෙන්න රජය තීරණය කලා. ඒ වගකීම බාර දීලා හමුදාවේ ඔෆිසර් රෑනක් එකේ නිලධාරීන්ට. දවසක් ඇමරිකාවේ හමුදාපති එක්තරා ප්‍රාන්තයක හමුදා කඳවුරකට ගිහිල්ලා වැඩේ හරියට යනවද කියලා පරීක්‍ෂා කලා. 

හුඟක් නිලධාරීන්ට තමන් ළඟට එන නවක නිලධාරීන්ගෙන් 1% කට වත් රක්ෂණයක් දීගන්ට බැරි වුනත් එක නිළධාරියෙක් තමන් ලඟට එන හැමෝටම රක්ෂණේ විකුනන බව හමුදාපතිවරයාට පෙනීගියා. හමුදාපතිවරයා ඔහුව තමා ලඟට කැඳවා එලෙස රක්ෂණ ලබා දීමේ රහස විමසා සිටියා. 
එම නිලධාරියා තමාගේ රහස හමුදාපතිවරයාට මෙසේ හෙළිකර සිටියා. 

“සර් මම මෙච්චරයි උන්ට කිව්වේ. අයිසේ මේ බලනවා. මේ රක්ෂණය ගත්ත එකෙක් යුද්ධෙදි මැරුණොත් රජයට ඩොලර් 10,000 ක් උගේ පවුලට ගෙවන්ට වෙනවා. රක්ෂණේ නැති එකෙකුට කිසි දෙයක් නැහැ. ඉතින් තමුසේ හිතන්නේ ඉරාකය ඇෆ්ගනිස්ථානය වගේ යුද්දෙ තියෙන රටවලට මේ දෙගොල්ලන්ගෙන් කවුරු යවයි කියල ද?“
Read more ...

Friday, June 19, 2015

නිර්භීතම


ඔන්න මචන්ලා ඩී.අයි.ජී කෙනෙකුයි ආර්මි ජෙනරාල් කෙනෙකුයි එයාර් මාර්ෂල් කෙනෙකුයි පාටියකදී සෙට් වුනාලු.දැන් ටොපික් එක නිර්භීතම කස්ටිය ඉන්නේ මොන ෆෝස් එකේද කියලා හෙන වාදයක් යනවා තුන්දෙනාගේ. 

එයාර් මාර්ෂල් පයිලට් ඔෆිසර් කෙනෙක්ට කතා කරලා ඈත පේන කොඩි ගහ පෙන්නලා මෙහෙම කිවුවලු."අන්න අර කොඩි ගහ මුදුනටම නැගල මට සැලුට් එකක් ගහපන්."ඉතින් පයිලට් ඔෆිසර් වැඩේ කරාලු. 
ජෙනරාල් කතා කරාලු කොමාන්ඩෝ සාජන්ට් කෙනෙක්ට,මිනිහටත් කොඩි ගහ පෙන්නලා මෙහෙම කිවුවලු "අන්න අරක මුදුනටම නැගල තනි අතින් හිටගනින්". ඒකත් සාජන්ට් ලෙසටම කරාලු. 
දැන් දෙන්නම නෝන්ඩි හිනාවක් දැම්මලු ඩී. අයි. ජී ට,හැබැයි පොරත් ගේමටම ඉඳල කතා කරාලු ටිකක් වැඩියෙන් දාගත්තු කොස්තාපල් කෙනෙක්ට.මිනිහටත් කොඩි ගහ පෙන්නුවලු ඊට පස්සේ මෙහෙම කිවුවලු."තමුසේ දැක්කනේ කලින් දෙන්න දාපු වැඩ?" කොස්තාපල් ඔව් කියල ඔලුව වැනුවලු.ඉතින් ඩී. අයි. ජී මෙහෙම කිවුවලු. "එහෙනං උන් දෙන්නා දෙපාරට කරපු වැඩේ උඹ එක පාර කරාපන්."කොස්තාපල් කොඩි ගහ දිහා බැලුවාලු ඊට පස්සේ ඩී. අයි. ජී ගේ මූණ බැලුවාලු. කෑ ගහලා ඇහුවලු "තමුසෙට පිස්සුද ඕයි කියල." ඩී. අයි. ජී අනික් ඩයල් දෙක දිහා බලලා මෙහෙම ඇහුවලු "මෙහෙම දෙයක් අහන්න තරම් නිර්භීත කමක් තියනවද තමුසෙලගේ ෆෝසස් වල එකෙකුටවත් "
Read more ...

Wednesday, June 17, 2015

කුඩා බස් රථය


තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් චූටි ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි චූටිට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි. 

"මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව...ගන්නව ගන්නව සල්ලි....කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා....මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව...පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං....ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ... පරක්කු වෙනවා" 

මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි. 

පුතාගේ වදන්වලින් කැළඹී ගිය චූටි ආදරයෙන් පුතු අමතා...... 

"අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා... අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ... කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා...මගේ හොඳ පුතානේ". කියා ඔහුට අවවාද දුනි. 

ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. චූටි ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි. 

"ආ.... ඔන්න ඔක්කොමල බහින්න......." 

බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් චූටිට දෙලෝ සිහිවිය. 

"මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... " 

"පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ටර්න් එකටත් බස් එක ගහල"

Read more ...

රාජකීය ඇතෙක්


ඔන්න එකොමත් එක කාලෙක ගම්මුලෑදෑනියයි, වලව්වේ හාමු මහත්තයයි ඉස්කෝලෙ ලොකු මහත්තයයි හෙන ගජ යාලුවොලු,ඉතින් මුන් තුන් දෙනා සෙට් වෙලා අඩියක් ගහන අතරෙ ඔන්න මුන්ගෙ ගෑනු ගැන කතාවක් ඇදිල ආවලු.හොද කතාවක් නම් බැරියැ ගෑනුන්ගෙ හොර මිනිස්සු ගැන තමයිලු කතාව.. 
ඉතින් පදමට සූර් වෙලා හිටපු ඉස්කොලේ මහත්තයා කියනවලු දුකෙන් 
“අනේ බලපන්කො මම හිතන්නෙ මගේ ගෑනිට හොර සම්බන්ධයක් තියෙනවනෙ අපේ ගමේ වඩුවත් එක්ක” 
“ඒ මොකෝ උඹ එහෙම කියන්නේ” කියල ආරච්චියා ඇහුවලු 
“දවසක් මම ගෙදර යනකොට ඇද යට තිබිල කියතක් හම්බ උනානෙ,ඒක මගෙ නෙවෙයි” 
“ඒක නේන්නම් බලහන්කො මම හිතන්නෙත් අපෙ ගෑනි වලන් ගේන එකත් එක්ක යාලුයිනෙ බන්” ආරච්චියා අඩ අඩ  කියනවලු 
“ඒ මොකෝ ඒ?”මේ පාර ඇහුවෙ ඉස්කොලය තමයි 
“දවසක් මම ගෙදර ඇද යට බලනකොට ඇද යට තිබිල මුට්ටියක් හම්බ උනානෙ ඒක අපේ ගෙදර එකක් නෙවෙයි” කියල 
ඔය ඔක්කොම අහගෙන හිටපු වලවුවේ හාමු මහත්තයා,”බලනකොට මගේ ගෑනි හොදයිනෙ බොලවු,ඒකී මේ අතපල්ලෙන් වැටිච්ච එවුන් එක්ක ගිහින් නෑනෙ” 
“හැහ්..! ඒ මොකො ඒ..” අනිත් දෙන්නම එක පාරට අහනවලු 
“අපේ එකීගෙ නම් සම්භන්දෙ තියෙන්නෙ වලවුවේ ඇතත් එක්ක තමයි,ඌ හොද පෙලපතක් තියෙන රාජකීය ඇතෙක්,ඒ මොකද මට දවසක් ඇද යට ඉදල ඇත්ගොවුවව හම්බ උනානෙ කියල” පොර ආඩම්බරෙන් කිව්වලු
Read more ...

හාර්ට් ඇටෑක්


'හාර්ට් ඇටෑක්' එකක් හේතුවෙන් සුප්‍රසිද්ධ හර්ද රෝග විශේෂඥයා හදිසියේ මිය ගියේය. අවමංගල සංවිධායකයන් විසින් වර්ණවත් අයුරින් සිදුකල අවසන් කටයුතු සඳහා පවුලේ අය,ඥාතීන් ,හිතමිතුරන් සහ වෛද්‍ය වුර්තිකයන්ද සහභාගී වුහ. සුවිශේසී මිනීපෙට්ටිටිය වලමත තබා ඇති අතර මිනීපෙට්ටියට පිටුපසින් රක්තවර්ණ පුෂ්පයන්ගෙන් සකස් කල හදවත හැඩය ගත් මල් පොකුරකි. ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මිනීපෙට්ටිය වල තුලට පමුණුවන අවස්ථාවේදී හදවතක හැඩය ඇති මල් පොකුරු හදවත විවර විය. මිනීපෙට්ටිය වලේ තැන්පත් වූ පසු මල් පොකුරු හදවත නැවත වැසුනි....... 
සියලු දෙනා සෝ බරිතව සිටි සංවේදී මොහොතේ නිශ්ශබ්දතාවය බිඳිමින් එක් අයෙකු ශබ්ද නඟා සිනාසෙන්නට වුයේය. සියලු දෙනාගේ නෙත් එම පුද්ගලයා දෙසට යොමු විය. ලැජ්ජාවට පත්වූ ඔහු "මට මතක් වුනේ, මම මැරුණහම මගේ අවසන් කටයුතු සිදුවෙන්නේ කොහොමද කියලා...... මම නාරි හා ප්‍රසව විශේෂඥයෙක්" යැයි කීය. 

නාරි හා ප්‍රසව විශේෂඥයා එසේ පවසත්ම අවසන් කටයුතුවලට සහභාගී වූ එක් පුද්ගලයෙකු සිහි මුර්ජා වී වැටුනේය...... 
..... 
..... 
..... 
ඒ ගුද මාර්ගය ආශ්‍රිත රෝග පිලිබඳ විශේෂඥයාය
Read more ...

අලුත් සෙබලූ


එක රටක හමුදාවට අලුතින් සෙබලු බඳව ගත්තාලු
අලුතින් සෙබලුන්ට ට්‍රේනින් දෙන දවස ආවා.මේකට තියෙන්නේ මිනිස් අනු රූ.. අර පඹයෝ වගේ උන්.. නිකම්ම වෙඩි තියන්න අමාරුයිනේ, පොඩි කික් එකක් දෙන්න එපැයි.. ඉතින් පුහුණුවේ ලොක්කා ඉදිරියට අවා. 
සුභ උදෑසනක් මා ප්‍රිය භටයනි. (මෙහෙම සුරතල් නෑ බන් මේ තනිකර මගේ තිර රචනාවක්) 

ඔබට පේනවා මා ඉදිරියේ ඇති මේ මිනිස් රූ. ඔබ හිතන්න ඕනෑ මේ ඉන්නේ දරුණු හොර කන්ඩායමක්. ඔබ ගෙදර නොහිටපු මොහොතක මුන් ඔබේ ගෙට කඩා වැදිලා ඔබේ අහිංසක අම්මවයි තාත්තාවයි අමු අමුවේ මරා දාලා, ඔබේ මේසෙ උඩ තිබ්බ ගල් අරක්කු බෝතලේ බීලා, ඔබේ නෝනාවයි නංගිවයි අමානුශික ලෙස දූෂණය කරලා, ගෙදර බඩු මුට්ටු පොඩි කරලා පැනලා ගියා. දැන් උන් ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබේ අතේ තුවක්කුව තියෙනවා. දැන් ඔබේ වාරයයි... " 

ලොක්කා මෙහෙම කියලා ඉවර උනා විතරයි කොල්ලෙක් එනවා ඉස්සරහට, මූ දත් මිටි කනවා, ඇස් රතු වෙලා, ඇඟම වෙවුලනවා. ලොක්කට ෆුල් හැපි. පොරගේ ටෝක සුපිරියට කොල්ලට වැදිලනේ.. කොල්ලා වෙවුල වෙවුල දත් මිටි කන ගමන් ලොක්කගෙන් අහනවා.... 

"සර් මොකාද මෙතනින් මගේ ගල් බෝතලේ බීපු එකා"
Read more ...

නාදුනන කටහඩ


ඔහු වීදියක් දිගේ ගමන් කරමින් සිටියේය. හදිසියේම ඔහුට හඬක් ඇසිණි. “තව අඩියක්වත් ඉස්සරහට තියන්න එපා. එහෙම කළොත් උඩින් වැටෙන ගඩොලක් ඔබ හිස මතටම වැටේවි.” ඔහු අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඔහු ඉදිරියේ ගඩොලක් බිම පතිත විය. 

ඊළඟ දිනයේ ඔහු වීදියක් හරහා පනින්නට සැරසෙන විට නැවතත් අර හඬ ඇසිණ. “පනින්න එපා. ඔබ මේ මොහොතේ පාර පැන්නොත් වාහනයක් ඔබ යට කරගෙන යාවි.” ඔහු වහාම අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඉතා වේගයෙන් වාහනයක් වීදිය දිගේ ඉදිරියට ඇදී ගියේය. 

“හැබෑට ඔබ කවුද ? ඇයි මගේ ජීවිතය දෙපාරක් ම බේරා ගත්තේ ? ” ඔහු ඒ හඬින් විමසීය. “මම ඔබේ ඉෂ්ට දේවතාවා” ඒ හඬ පිළිතුරු දුනි. 

“ඈ බොල. තෝ කොහෙද මගෙ කසාදෙ වෙලාවෙ හිටියෙ ?
Read more ...

පැස්බරා


එක් දිනක් එක් මිනිසෙක් පැස්බරෙකු සමඟ හෝටලයකට ඇතුළු විය. “මට ඉඳිආප්ප විස්සකුයි කුකුළු මස් කරියකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. පැස්බරා ද “මටත් ඒකමයි. ” කීය. වේටර් ගාස්තුව කී විට පසුම්බියෙන් මුදල් ඇද ඔහු එය හරියටම ගෙවීය. දිනපතා මෙසේ ඔහු සෑම සවසකම පැමිණ එම ආහාරයම ගත් අතර පැස්බරා ද එය ම ඇනවුම් කර භුක්ති වින්දේය. එසේම සෑම දිනකම ඔහු ළඟ හරියටම බිල ගෙවීමට මුදල් තිබිණ. 

එක් සිකුරාදාවක ඔහු පැස්බරා ද සමඟ හෝටලයට පැමිණියේය. “අදත් ඒ ඕඩරේම ද ? ” වේටර් විමසීය. “නැහැ. නැහැ. අද සිකුරාදා නෙ. මට බුරියානි එකකුයි වටලප්පන් එකකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. “මටත් ඒකම” පැස්බරා ද ඇනවුම් කළේය. එදා වෙනස් බිලක් නමුත් එය ද ගෙවීමට ඔහුගේ පසුම්බියේ හරියටම මුදල් තිබිණ. මෙයින් විමතියට පත් වූ වේටර් මේ ගැන ඔහුගෙන් විමසීය. 

“මටත් ඇලඩින්ගෙ පහන වගෙ එකක් හම්බ වුණා. ඒ භූතයා මට වර දෙකක් දුන්නා. මං ඉල්ලූ පළමු වරය වුණේ මං යමක් මිල දී ගන්න හැම අවස්ථාවකම ඒ බිල ගෙවන්න මගෙ පසුම්බියේ ගානටම මුදල් තියෙන්න ඕනෙ කියන එකයි. ” ඔහු පිළිතුරු දුන්නේය. “හරී පුදුමයි. වෙන මිනිස්සු මිලියන් ගණන් ඉල්ලද්දි ඔබ ඉල්ලූ දේ. ‘ වේටර් විමතිය පළ කළේය. මං කිව්වෙ මොකක් මිලදී ගත්තත්. ඒ කිව්වෙ රෝල්ස් රොයිස් එකක් හරි විසාල මාලිගයක් හරි.” ඔහු පිළිතුරු දුන්නේය. 

“එතකොට දෙවෙනි වරය ? ” වේටර් විමසීය. “ඊළඟට මං ඉල්ලුවෙ දිග බෙල්ලක් උස කකුල් හා ලොකු පස්සක් තියෙන කෙනෙක් හැම තිස්සෙම මං ළඟ ඉඳගෙන මං කියන හැම එකකටම එකඟ වෙන්න කියල.” ඔහු පැස්බරා දෙස බලමින් විස්සෝපයෙන් කතාව නිම කළේය.
Read more ...

Sunday, June 14, 2015

දෙවියන් යැදීම


රෑ කෑම මේසේදි දෙවියන් යදින එක කතෝලිකයන්ගේ පුරුද්දක්..එදා රෑ කෑම මේසේදි ඕක කරන්න නියම වුණේ අපේ ඇම්ඩට..හැමදාම කට්ටි පැන්නට එදානම් ඇම්ඩගේ තාත්තා ඇම්ඩව අල්ලගත්තා.. 

'අනේ තාත්තේ මං ඔරසන් කියන්න දන්නේ නෑනේ' 
ඇම්ඩා වෙනදා වගේම අදත් බේරෙන්න හිතාගෙන කිව්වා.. 

'මොනවා දැනගන්නද බූරුවෝ..අපි ගැන,සහෝදරයෝ ගැන,අසල්වැසියෝ ගැන,දුප්පත් අය ගැන දෙවියන්ට කියලා ස්තූති කරන්න.ප්‍රසංශා කරන්න.නැති දේවල් ඉල්ලන්න' 
ඇම්ඩගේ තාත්තා ඇම්ඩට ඔරසන් කියන හැටි කියලා දුන්නා.. 

ආදර දෙවියනි, 
ඔන්න ඇම්ඩත් පටන්ගත්තලු.. 

මගේ බිස්කට් සහ අයිස් ක්‍ර්‍රිම් ඉවර කල අපේ අසල්වැසියන්ට හා ඔවුන්ගේ දරුවන් අපේ ගෙදරට එවපු එකට ගොඩක් ස්තූතියි.ඔවුන් නැවත අප නිවසට නොඑන සේ ආශිර්වාද කරන්න. 
මාගේ සොහොයුරියගේ සියලු ඇදුම් ඉරා දමා අහිංසක ඇය සමග ඇද උඩ පොරබැදූ අයියාට සමාවදෙන්න. 
ලග එන නත්තලේදී තාත්තාගේ දුරකතනයේ සිටින ඇදුම් පැලදුම් අහිමි කාන්තාවන්ට ඇදුම් ලබාදෙන්න දෙවියනි. 
අවසාන වශයෙන්, 
මාගේ පියා නිවසේ නොමැති අවස්තාවන් වල මාගේ මවගේ කාමරය පාවිච්චි කරන නිවසක් අහිමි මිනිසාට නිවසක් ලබාදෙන්න.. 
ආමෙන්.. 

සියලූ දෙනාටම රාත්‍රී කෑම අහිමි වුණාලූ..
Read more ...

ගුවන් භටයා

හමුදා නවක පැරිශුට් භටයන් පුහුණු කිරීමේ කඳවුරක්.ප්‍රධාන නිලධාරියා සියලු අභ්්‍යාසවලින් අනතුරුව පලමු පැනීමට උපදෙස් ලබා දෙයි.. 


නිලධාරියා : හෙට පලවෙනි පිම්ම මීටර් 20 000 ක් උඩින් උඹලට පනින්න තියෙන්නෙ. ගුවන් යානයක් මගින් තමයි උඩට යන්නෙ. වෙන මොනවහරි ප්‍රශ්න තියනවද..? 

(එක භටයෙක් අත උස්සමින් සිටී) 

නිලධාරියා : ඔව් මොකද්ද තමුන්ට තියන ප්‍රශ්නෙ..? 

ගුවන් භටයෙක් : පලවෙනි පිම්ම නිසා තව 10 000 ක් අඩු කරන්න බැරිද තුමනි..? 

නිලධාරියා : මොනවද මනුස්සයෝ පැරෂුට් එකක් දාගෙන මීටර් 20 000ක් පැනගන්න බයද තමුසෙ..? 

ගුවන් භටයෙක් : ආ පැරෂු‍ටුත් දෙනවද තුමනි..?
Read more ...

Thursday, June 11, 2015

මුහුදු කොල්ලකරුවෙක්



මුහුදු කොල්ලකරුවෙක් තැබෑරුමකට ගියා කාලෙකට පස්සේ.ඒකේ බා ටෙන්ඩර් මිනිහගේ යාලුවෙක්. 
බා ටෙන්ඩර් මිනිහව දැකල මෙහෙම ඇහැව්වා. 

"යාළුවා ගොඩ කාලෙකට පස්සේනේ දැක්කේ.සෑහෙන්න වෙනස් වෙලා මොකද මේ ලී කකුලක්??" 

"ආ ඒකද?? ඒක මේ නැව කුණාටුවකට අහුවුණුපාර කුඹ ගහ කකුල උඩට වැටුණා.කකුල කපන්න වුනා.අපේ හිටපු වඩුවා මට ලී කකුලක් දැම්මා,ඒක දැන් වඩාත් හොඳයි." 

"හ්ම්..ඒකත් එහෙමද??ඇයි මේ වම් අතේ මැණික් කටුව ගාවින් කොක්කක් දාලා?" 

"අපි ගිය මාසෙ රාජකීය නාවික හමුදාවත් එක්ක මුහුදු සටනක් ගියා. කඩු පාරක් නිසා අත වෙන්වෙලාම ගියා.ඉතින් වඩුවා කොක්කක් හදලා පෑස්සුවා" 

"ඇහැට මොකද වුනේ ඇයි මේ අයි පැච් එකක් දාල තියෙන්නේ?" 

"දවසක් මම අහස දිහා බලන් ඉද්දි මුහුදු ලිහිණියෙක් ඇහැට වර්චස් පාරක් අතෑරියා" 

"ඉතින් වර්චස් වලට ඇස් අන්ධ වෙන්නේ නෑනේ." 

"ඒක තමා.මට ඕනේ වුනේ ඒක පිහදාන්න.ඒත් මට අමතක වුනා මගේ කොක්ක දාපු අත ගැන.
Read more ...

Tuesday, June 9, 2015

හිට්ලර්


මානසික රෝහලේ රෝගීන් පරීක්ෂා කරමින් ඔවුන් සමඟ කතාබහෙන් තරමක් සමීපවීමට සිතු වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ පළමු ඇදේ සිටි රෝගියාගෙන් මෙසේ විමසීය. 

වෛද්‍යවරයා - "මේ මහත්තයාගේ නම මොකක්ද?" 

රෝගියා - "මම තමයි හිට්ලර්" 

වෛද්‍යවරයා - "මොකක්! හිට්ලර්? කවුද කිව්වේ ඔබතුමාට ඔබතුමා තමයි හිට්ලර් කියලා ? 

රෝගියා - " මට ඒක කිව්වේ කතරගම දෙයියෝ" 

මෙය අසාගෙන සිටි එහා ඇදේ සිටි රෝගියා මෙසේ කීවේය. 
" අපෝ..ඔය බොරු. මම එහෙම එකක් කිව්වේ නෑ..."
Read more ...

Thursday, June 4, 2015

මිලියන්බක්ස්


සුද්දො දෙන්නෙක් මාලු බාමින් සිටියහ

1වෙනි සුද්දා - ඒ මචං, සිගරට් එකක් බොන්න ඕනෙ. උඹ ලග ලයිටරයක් තියනවද ? 
2වෙනි සුද්දා - ආ මචං 

කියමින්පලවෙනි සුද්දාට අගල්10ක් දිගBIC ලයිටරයක් දුන්නේය . 
අගල්10ක් දිගබික් ලයිටරය දැකීමෙන් විස්මයට පත් පලවෙනි සුද්දා දෙවනි සුද්දාගෙන් මෙසේ ඇසීය 

1වෙනි සුද්දා - අඩේ . . . පට්ටනෙ මචං. උඹට කොයින්ද මෙච්චර දිගලැයිටරයක් ?? 
2වෙනි සුද්දා - මට හම්බඋනා මචං මැජික් ලාම්පුවක් . . . .ඒකෙ ඉන්නබූතයා තමයි ඕක මැවුවෙ 
1වෙනි සුද්දා - අඩෝ මාරයිනෙ . . . මේ මචං, බැරිද මටත්උගෙන් බඩ්ඩක් බල්ලන්න?? 
2වෙනි සුද්දා - (ලාම්පුව අරූටදෙමින්) ඉල්ලද්දිපැහැදිලිව කියපං ඕනෙ දේ . . . ඔය බූතයට කං ඇහෙනව ටිකක් අඩුයි 

පලවෙනි සුද්දා ලාම්පුව අතුල්ලයි. . . බූතයෙක් මතුවෙයි 
බූතයා - කියන්ඩඅයියාහ් . . . මොනාද ඕනාහ් . . . 
1වෙනි සුද්දා - මට දෙන්න මිලියන්බක්ස් 
බූතයා - රයිටෝ අයියාහ් . . . 
කියමින්බූතයා පහනට ඇතුල්වේ. තප්පර දහයකින්පමන තාරාවෝ මිලියනයක්සුද්දන් දෙන්නගේ ඉහට උඩින් කරක්ගහමින් සිටී.

1වෙනි සුද්දා - ඈ බං . . . මම ඉල්ලුවේ මිලියන් බක්ස්නේ . . . මේකා දීල තියෙන්නෙ මිලියන් ඩක්ස්නේ . . . . ???? 
2වෙන් සුද්දා - දැං උඹ හිතන්නෙ මම මේකගෙන් ඉල්ලුවෙ අගල්දහයෙ බික් එකක් කියලද ???
Read more ...

Wednesday, June 3, 2015

මට තියෙන ප්‍රශ්නය


අම්ම : - උඹ බැඳපු දවසක ගෑනි සතියෙන් ආපහු ගෙදර යනව. බලපන් කාමරේ හැටි. අපාය වගේ. 
තාත්ත: - අනේ පුතේ උඹනම් මම වැටිච්ච අමාරුවේ වැටෙන්න එපා. පේනවනෙ මම විඳින දුක. මමනම් ජීවිතේට ආයෙ කසාද බඳින්නේ නෑ. 
දන්න කියන අක්ක කෙනෙක් : - මල්ලි උඹ බඳින කෙල්ලට උයන එකනම් හරි ලේසි වෙයි. උඹට ඉතිං රස ගුණ ගානක් නෑනෙ. දෙන දෙයක් කාල ඉන්නවනෙ 
මම : - (තනියම කල්පනා කරමින්) මොකක් උනත් ඉක්මනින් ඇඳ හෙල්ලෙන එකයි කිරිං කිරිං සද්ද ඇහෙන එකයි හදාගන්න වෙයි...
Read more ...

හතර බීරි කතාව


වීරකෝන් දරු ප්‍රසූතියකට ආසන්නව සිටි තම බිරිඳ රෝහල් ගතකොට, එම වාට්ටුවේ සිටි තමා දන්නා හඳුනන හෙදියක හමුවී මෙසේ කීවේය. 

‘මිසී මට දැන් මම වැඩ කරන කන්තෝරුවට යන්ඩ වෙනවා. අපෙ හාමිනේට බබා ලැබුණා ම මිසී අපේ ඔෆිස් එකට කෝල් එකක් දෙන්ඩ. ඒකට උත්තර දෙන්නෙ අපෙ ලොකු මහත්තයා. ඒ හින්දා පුතෙක් හම්බවුණොත් මිසී කියන්ඩ වීරකෝන් විභාගෙ පාස් කියලා. දුවෙක් හම්බවුණොත් කියන්ඩ මම විභාගෙ ෆේල් කියල.” 

එදා දවල් වරුවේ වීරකෝන් තම කාර්යාලයේ කිසියම් වැඩක යෙදී සිටියදී ප්‍රධානියා ඔහුට කතා කොට මෙසේ කීවේය. 

‘වීරකෝන්, කවුදෝ ගෑනු කෙනෙක් කතා කරලා කිව්වා තමුසෙ විභාගෙ පාස්ලු. ඒ වගේ ම විභාගෙ ෆේල්ලු. මොකක්ද අයිසෙ ඒ හතර බීරි කතාවේ තේරුම?
Read more ...
Designed By Published.. Blogger Templates