Breaking News

Sunday, June 14, 2015

දෙවියන් යැදීම


රෑ කෑම මේසේදි දෙවියන් යදින එක කතෝලිකයන්ගේ පුරුද්දක්..එදා රෑ කෑම මේසේදි ඕක කරන්න නියම වුණේ අපේ ඇම්ඩට..හැමදාම කට්ටි පැන්නට එදානම් ඇම්ඩගේ තාත්තා ඇම්ඩව අල්ලගත්තා.. 

'අනේ තාත්තේ මං ඔරසන් කියන්න දන්නේ නෑනේ' 
ඇම්ඩා වෙනදා වගේම අදත් බේරෙන්න හිතාගෙන කිව්වා.. 

'මොනවා දැනගන්නද බූරුවෝ..අපි ගැන,සහෝදරයෝ ගැන,අසල්වැසියෝ ගැන,දුප්පත් අය ගැන දෙවියන්ට කියලා ස්තූති කරන්න.ප්‍රසංශා කරන්න.නැති දේවල් ඉල්ලන්න' 
ඇම්ඩගේ තාත්තා ඇම්ඩට ඔරසන් කියන හැටි කියලා දුන්නා.. 

ආදර දෙවියනි, 
ඔන්න ඇම්ඩත් පටන්ගත්තලු.. 

මගේ බිස්කට් සහ අයිස් ක්‍ර්‍රිම් ඉවර කල අපේ අසල්වැසියන්ට හා ඔවුන්ගේ දරුවන් අපේ ගෙදරට එවපු එකට ගොඩක් ස්තූතියි.ඔවුන් නැවත අප නිවසට නොඑන සේ ආශිර්වාද කරන්න. 
මාගේ සොහොයුරියගේ සියලු ඇදුම් ඉරා දමා අහිංසක ඇය සමග ඇද උඩ පොරබැදූ අයියාට සමාවදෙන්න. 
ලග එන නත්තලේදී තාත්තාගේ දුරකතනයේ සිටින ඇදුම් පැලදුම් අහිමි කාන්තාවන්ට ඇදුම් ලබාදෙන්න දෙවියනි. 
අවසාන වශයෙන්, 
මාගේ පියා නිවසේ නොමැති අවස්තාවන් වල මාගේ මවගේ කාමරය පාවිච්චි කරන නිවසක් අහිමි මිනිසාට නිවසක් ලබාදෙන්න.. 
ආමෙන්.. 

සියලූ දෙනාටම රාත්‍රී කෑම අහිමි වුණාලූ..

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates