Breaking News

Tuesday, March 11, 2014

~ සිල්වත් දායකයාගේ ගුණය නිසා මහත්ඵල වන දානය ~



යෝ සීලවා දුස්සීලේසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති

යම් සිල්වතෙක් මහත් වූ කර්මඵලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දායකයාගේ ගුණය නිසා මහත්ඵල වේ.
එසේම මෙම කරුණ මෙසේද සඳහන් වෙයි.

යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං
අධම්මේන ලද්ධං අප්පසන්න චිත්තෝ
අනභිසද්දහං කම්මඵලං උලාරං
සා දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ක්‍ධති


යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නොතබමින් අප්‍රසන්න සිතින් අධර්මයෙන් ලැබූ දෙය සීලවන්තයාට දේ නම් ඒ දානය ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණය නිසා මහත්ඵල වේ...
Read more ...

යොවුන් මදය



යොවුන් විය සුන්දර ය; ශක්තිමත් ය. ඒ ගැන වාදයක් නොමැත. ජීවිතයේ සුන්දර ම කාලපරිච්ඡේදය යොවුන් විය යි. දැනට වැඩිහිටි බවට පත් ව සිටින වැඩිහිටියන්ගෙන් විමසුව හොත් ඔවුන් තමන්ගේ යොවුන් විය පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරනු ඇත.

“මම කොල්ලා කාලේ හොඳ හොඳ වැඩ කළා...”

එහෙත් කාලය කෙමෙන් කෙමෙන් ගත වී යයි. වැඩිහිටියන් සිටින තත්ත්වයට යොවුන් අපටත් ඉතා ඉක්මනින් ම පත් වන්නට සිදු වනවා. සාමාන්‍ය පෙළ විභාග අවධියේ අප අපේක්ෂා කරනුයේ උසස් පෙළට සමත් වීමට ය. උසස් පෙළදී අපේක්ෂා කරනුයේ විභාගය ඉහළින් සමත් ව සරසවි වරම් ලැබීමට ය. සරසවි වරම් ලැබූ පසු උපාධිය ඉහළින් කරගැනීමටත් තවත් සුදුසුකම්වලින් රැකියාවකට යෑමටත් සිතති.

ඉන් පසු රැකියාව, විවාහය, දරුවන් දැකීම, දරුවන්ගේ දරුවන් දැකීම... මේ ආකාරයට යොවුන් ඔබ - අප නොදැනුවත් ව ම ආච්චි - සීයා බවට පත් වනු ඇත. සමාජ ජීවිතයේ ලබන මෙම අත්දැකීම් ගිහි කාමභෝගීනට බුදු රජාණන් වහන්සේ විසින් කිසි විටෙක තහනම් කොට නැත. ගිහි කාමභෝගී පාඨකයිනි, කම් නැත: ඔබ තෝරාගත් එම මාවතේ ම යන්න: ඒ යන ගමන සාර්ථක, අතිසාර්ථක කරගැනුමට බුදු දහමේ ඕනෑ තරම් උපදෙස් වේ.

Read more ...

Connect Manager

මම පාවිච්චි කරන පොඩි Software එකක් ගැන කියන්න හිතුනා.සමහර අය එක එක  softwares වලින් නෙට් connect වෙන්නේ.මම හිතන්නේ මම හරි. මේ software එක පොඩි window එකක් තියෙන්නේ Dongle එක unlock නම් ඕනෑම sim පතක් සමග පාවිච්චි කරන්න පුළුවන්.වෙනම settings හදන්න ඕන නෑ. dongle එක USB සම්බන්ද කරලා  connect  button එක ඔබන්න විතරයි තියෙන්නේ.Download කරගෙන බලන්නකෝ...

 Connect Manager
මෙන්න මෙතනින් බා ගන්න
( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )



එහෙනම් මම ගියා..
Read more ...

FileStream.me

ඔන්න යාලුවනේ මම පාවිච්චි කරන සයිට් එකක් ගැන කියන්න යන්නේ..ගොඩක් අය මේ සයිට් එක ගැන දන්නවා ඇති...නොදන්නා අයට දැනගන්නයි මේ පොඉඩ් විස්තර ටික දන්නේ.. . සයිට් එකනම් Filestream කියල සයිට් එක මම පහලින් ලින්ක් එක දාන්නම්.. ඒ ලින්ක් එකට ගිහිල්ලා පළමුව sign-up වෙන්න එක free හොදේ... ටිකක් පහලට වෙන්න තමයි sign-up button එක තියෙන්නේ... ලොකුවට තියෙනවා රතුපාටින්.. sign-up වෙලා email වලට ගිහිල්ල e-ලිපිනය තහවුරු කරන්න.. (mail එකක් ඇවිලලා තියෙයි.) දැන් සයිට් එකට ලොග් වෙන්නකෝ..
Read more ...

දීම හා අත්හැරීම (දසන්නක ජාතකය)



පෙර බරණැස්‌ නුවර මද්දව නම් රජෙක්‌ සිටියේ ය. දිනක්‌ ඔහු ඉතා වටිනා වස්‌තුවක්‌ පරිත්‍යාග කළේ ය. පසුව ඒ ගැන සිතත් සිතත් ම ඒ ගැන ආශාව ඇති වී ඔහු රෝගාතුර විය. රජු සුවපත් කිරීම පිණිස ඇමතියන්ගේ උපදෙස්‌ පරිදි රජගෙදර මිදුලේ ක්‍රීඩා ප්‍රදර්ශනයක්‌ පවත්වන ලදී.
එහි එක්‌ පුරුෂයෙක්‌ අඩි දෙකහමාරක්‌ පමණ දික්‌ වූ තියුණු මුවහත් කඩුවක්‌ ගිල්ලේය. රජු ඒ දැක පුදුම වී ලෝකයෙහි එයටත් වඩා දුෂ්කර දෙයක්‌ තවත් ඇත්දැයි ඇමතියෙකුගෙන් විචාළේ ය. එවිට ඇමැතිය කියන්නේ,
මහ රජතුමනි මේ පුරුෂයා ඉතා මුවහත් වූ අනුන්ගේ ලේ හලන්නා වූ කඩුව ගිලින්නේ ධන ලෝභයෙනි. යමෙක්‌ තමාට අයත් දෙයක්‌ අනුන්ට දෙමියි කියා පොරොන්දුවේ නම් එය කඩුව ගිලීමට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ල ඊට වඩා පහසු ය. "දෙමියි" කීම ඒ සියල්ලට වඩා අමාරු වැඩකැයි කීවේ ය.එය අසා,
Read more ...

පන්සිල් සුරැකීමේ ආනිශංස

සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස

ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
මහා බලවන්තයෙකු වීම
නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
පහ කළ දොස් ඇත්තෙකු වීම
කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
තැති නොගත් කෙනෙකු වීම
විනාශ නොකළ හැකි උතුමෙකු වීම
පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
සුරූපී පුද්ගලයෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාධ ඇත්තෙකු වීම
‍ශෝක නොකරන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
දීර්ඝායුෂ ලැබීම
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම
Read more ...
Designed By Published.. Blogger Templates