Breaking News

Wednesday, April 9, 2014

පරිගණකයෙන් අපේ ඇස පරිස්සන් කරගමු.

යාලුවනේ පොඩි software එකක් ගෙනාවා.නෙට් එකේ ටිකක් කැරකෙද්දී මට හමුවුන සිංහල බ්ලොග් එකක තමයි මේ ගැන තිබ්බේ... අනේ මට සමාවෙන්න ඒ බ්ලොග් එක මතක නෑ. ඉතින් වටිනා කියන එකක් නිසා යාලුවන්ටත් දෙන්න හිතුනා. සමහර අය පාවිච්චි කරනවා ඇති මේ software එක.
මේ software එක PC එකෙන් අපේ ඇස් පරිස්සන් කරගන්න උදවු කරනවා.



image 

Read more ...

වතුරට කරන්නට පුලුවන් විජ්ජා 7ක් ඉගෙන ගන්න


විශ්වාස නැද්ද? වතුරට කරන්නට පුලුවන් විජ්ජා 7ක් ඉගෙන ගන්න.

වතුර කෙට්ටු වීමට බෙහෙතකි.

(Laureen Middley/Iconica)
ඔබත් බර අඩුකිරීමට උත්සාහ කරනවාද? ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි කර, වතුර ඊට උදව් වේවි. ඒ වගේම වතුර නිසා බඩ පිරී නිතරම ඇතිවන බඩගින්න නැති වේවි. ශක්තිජනක වෙනත් බීම වෙනුවට වතුර ආදේශ කර සිරුරට එකතු වන කැලරි ප්‍රමාණය අඩු කරගන්න. ඒ වාගේම කෑම වේලකට පෙර වතුර වීදුරුවක් ගත්තොත් බඩ ඉක්මනින් පිරී ගන්නා ආහාර ප්‍රමාණය අඩු වේවි.
වතුර වැඩිපුර ගත් විට පරිවෘත්තීය පද්ධතියද වැඩියෙන් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම බිවූ වතුර සීතල නම් වතුර ප්‍රශස්ත මට්ටමට රත් කර ගැනීමට තවත් කැලරි ටිකක් වැඩියෙන් දහනය කිරීමට සිදුවේ.

වතුර ඔබේ ජවශක්තිය වැඩි කරයි.


(Veronique Beranger/Self-Photos)
ඔබ ඈලි, මෑලි දුබල ගතියකින් පෙලෙන්නේ නම්, ගන්න වතුර වීදුරුවක්. එය හොඳම ශක්තිජනක පානයකි. විජලනයයි ඔබ බොහෝ ලෙස තෙහෙට්ටු බව දැනීමට හේතුව.
ලේ මගින් ඔක්සිජන් මෙන්ම අනික් අත්‍යාවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රවාහනයට වතුර උදව් කරයි.
ඔබ අවශ්‍ය තරම් වතුර ගන්නේ නම් හදවතටත් එතරම් වෙහෙසකින් තොරව ක්‍රියා කර සිරුර පුරා ලේ විහිදුවා හැරිය හැක....


Read more ...

හාල්මස්සගෙනුත් කමටහනක්




නියමිත වේලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්‌, බතක්‌, පළතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක්‌ ඇසෙනු ඇත.

"සැරට මොකුත් නැහැ. හාල්මැස්‌සො ටිකක්‌ බඳිමු ද?"


කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චිකිරීමට වියළි ආහාර ඇත.

ඔබ සාමනේර නිසාම හාල්මැස්‌සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත. ඔබ එයට නොගැටෙන්න. මඟහැර නොයන්න. අභියෝගයට මුහුණදෙන්න. සමහර විට ඔබ මස්‌ මාංශ නොවළඳන කෙනෙක්‌ වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්‌සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ සක්‌විති රජවද, දෙවියෙක්‌ව ද, ප්‍රේතයෙක්‌ව ද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ ම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයි ද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්‌සෙක්‌ වූයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්‍ෂ වන්න.


Read more ...

බෝමළු ඇමදීමේ අනුසස්




නමෝ බුද්ධාය..!
බෝධි සම්මජ්ජක නම් රහතන් වහන්සේ පෙර බුද්ධ සාසනයකදී ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බෝධීන් වහන්සේ වටා එකතු වී ඇති බෝ පත් එකතු කර ඉවත් කර පිරිසිදු කිරීමේ පිනෙන් ලද ආනිසංස මෙසේ උන්වහන්සේගේ අපදානයේ දක්වා තිබෙනවා.
1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2. සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම

Read more ...
Designed By Published.. Blogger Templates