Breaking News

Friday, June 19, 2015

නිර්භීතම


ඔන්න මචන්ලා ඩී.අයි.ජී කෙනෙකුයි ආර්මි ජෙනරාල් කෙනෙකුයි එයාර් මාර්ෂල් කෙනෙකුයි පාටියකදී සෙට් වුනාලු.දැන් ටොපික් එක නිර්භීතම කස්ටිය ඉන්නේ මොන ෆෝස් එකේද කියලා හෙන වාදයක් යනවා තුන්දෙනාගේ. 

එයාර් මාර්ෂල් පයිලට් ඔෆිසර් කෙනෙක්ට කතා කරලා ඈත පේන කොඩි ගහ පෙන්නලා මෙහෙම කිවුවලු."අන්න අර කොඩි ගහ මුදුනටම නැගල මට සැලුට් එකක් ගහපන්."ඉතින් පයිලට් ඔෆිසර් වැඩේ කරාලු. 
ජෙනරාල් කතා කරාලු කොමාන්ඩෝ සාජන්ට් කෙනෙක්ට,මිනිහටත් කොඩි ගහ පෙන්නලා මෙහෙම කිවුවලු "අන්න අරක මුදුනටම නැගල තනි අතින් හිටගනින්". ඒකත් සාජන්ට් ලෙසටම කරාලු. 
දැන් දෙන්නම නෝන්ඩි හිනාවක් දැම්මලු ඩී. අයි. ජී ට,හැබැයි පොරත් ගේමටම ඉඳල කතා කරාලු ටිකක් වැඩියෙන් දාගත්තු කොස්තාපල් කෙනෙක්ට.මිනිහටත් කොඩි ගහ පෙන්නුවලු ඊට පස්සේ මෙහෙම කිවුවලු."තමුසේ දැක්කනේ කලින් දෙන්න දාපු වැඩ?" කොස්තාපල් ඔව් කියල ඔලුව වැනුවලු.ඉතින් ඩී. අයි. ජී මෙහෙම කිවුවලු. "එහෙනං උන් දෙන්නා දෙපාරට කරපු වැඩේ උඹ එක පාර කරාපන්."කොස්තාපල් කොඩි ගහ දිහා බැලුවාලු ඊට පස්සේ ඩී. අයි. ජී ගේ මූණ බැලුවාලු. කෑ ගහලා ඇහුවලු "තමුසෙට පිස්සුද ඕයි කියල." ඩී. අයි. ජී අනික් ඩයල් දෙක දිහා බලලා මෙහෙම ඇහුවලු "මෙහෙම දෙයක් අහන්න තරම් නිර්භීත කමක් තියනවද තමුසෙලගේ ෆෝසස් වල එකෙකුටවත් "

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates