Breaking News

Saturday, June 20, 2015

රක්ෂණය


ඇමරිකාවේ ආමි එකට අලුතින් බැඳෙන සොල්දාදුවන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දෙන්න රජය තීරණය කලා. ඒ වගකීම බාර දීලා හමුදාවේ ඔෆිසර් රෑනක් එකේ නිලධාරීන්ට. දවසක් ඇමරිකාවේ හමුදාපති එක්තරා ප්‍රාන්තයක හමුදා කඳවුරකට ගිහිල්ලා වැඩේ හරියට යනවද කියලා පරීක්‍ෂා කලා. 

හුඟක් නිලධාරීන්ට තමන් ළඟට එන නවක නිලධාරීන්ගෙන් 1% කට වත් රක්ෂණයක් දීගන්ට බැරි වුනත් එක නිළධාරියෙක් තමන් ලඟට එන හැමෝටම රක්ෂණේ විකුනන බව හමුදාපතිවරයාට පෙනීගියා. හමුදාපතිවරයා ඔහුව තමා ලඟට කැඳවා එලෙස රක්ෂණ ලබා දීමේ රහස විමසා සිටියා. 
එම නිලධාරියා තමාගේ රහස හමුදාපතිවරයාට මෙසේ හෙළිකර සිටියා. 

“සර් මම මෙච්චරයි උන්ට කිව්වේ. අයිසේ මේ බලනවා. මේ රක්ෂණය ගත්ත එකෙක් යුද්ධෙදි මැරුණොත් රජයට ඩොලර් 10,000 ක් උගේ පවුලට ගෙවන්ට වෙනවා. රක්ෂණේ නැති එකෙකුට කිසි දෙයක් නැහැ. ඉතින් තමුසේ හිතන්නේ ඉරාකය ඇෆ්ගනිස්ථානය වගේ යුද්දෙ තියෙන රටවලට මේ දෙගොල්ලන්ගෙන් කවුරු යවයි කියල ද?“

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates