Breaking News

Wednesday, May 20, 2015

උපන්දින පාටිය


ටොම්බ කලුවා කියලා අප්‍රිකානු ඩයල් එකක් හිටියා.. මිනිහා හෙන බුද්ධිමත් පොරක්.. දවසක් මෑන්ට එයාගේ හොදම යාලුවෙක්ගේ උපන්දින පාටියට එන්න කියලා ආරාධනාවක් ලැබුණා.. හැබැයි ඉතිං පාටියට එනකොට යාලුවෝ සෙට් එකට කලු කලිසමයි, කලු කෝට් එකයි ඇදගෙන එන්න කියලා තිබුණේ. 

ටොම්බ කලුවටත් අතේ සතේ නැති වෙලාවේ කොහෙන් ගන්නද ඇදුම්. එ‍හෙම හිතලා මිනිහා යාලුවෙක්ගෙන් ඉල්ලලා බැලුවා. උන්ටත් තියෙන්නේ එක ඇදුමක්ලූ. 

"දැන් ඉතිං මොනව කරන්නද? මිනිහත් දහ අතේ කල්පනා කරනවලූ. ටික වෙලාවකින් මිනිහට හොද අදහසක් ආවා.පාටිය තියෙන්නේ රෑට.මම කලු හින්දා කට්ටිය අඩියක් ගහනවෙලාවට නිරැවතින් ගියාම ඕවා මොනවත් පේන එකක් නෑ" 

ඔන්න දවස උදාවුණා. කට්ටිය බොනකන් ඉදලා ටොම්බ කලුවා නිරැවතින් ගියාලු පාටියට. 

"මොකද බං පරක්කු වුණේ" ලැම්ඩා විමසීය. 

"ට්‍රැෆික් එකට අහුවුණා බං එන ගමන්" 

කිසිවෙකුගේ අවධානය තවදුරටත් යොමු නොවූ බැවින් තමාගේ උපාය සාර්ථකව සිදුවීම පිළිබද ඔහු ප්‍රීතියෙන් පසුවිය. 
එම සතුට හුගක් වෙලාවක් නොපවතින බව සුලු මොහතකින් වැටහී ගියේ එක්වරම කඩාපාත්වූයේ ඔබ දන්නා හදුනන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයෙකි. වෙන කවුරැවත් නෙමෙයි අපේ ඇම්ඩා තමයි.වෙරී මතින් වැනී වැනී ඔවුන් දෙසට පැමිණියහ. 

දන්නවනේ අපේ එවුන් බොන්න කලින් කතා කරන්නේ කෙල්ලෝ ගැනයි, බඩු ගැනයි, පච කෝටියක් විතර දාලනේ.බිව්වට පස්සේ කතාකරනේ සදාචාරය, දේශපාලනය, කාන්තා හිංසනය, අයිතිවාසිකම් පිලිබදව. 

ඔය වගේ දැන් කතාබහ යන අතරතුරේ බොහෝ වේලාවක් ටොම්බ කලුවා දෙස තම උකුසු ඇස යොමුකරමින් ඇම්ඩා නිරීක්ශණය කිරීමට පටන් ගත්හ. ඇම්ඩගේ මේ හැසීරීම එහි සිටි මිතුරන්ටද ගැටලුවක් විය. 

"මොකද බං සද්දේ නැත්තේ?" එහි සිටි මිතුරෙක් විමසීය. 

"උඹ හැමදාම මොනවහරි වල් කතාවක් කියලා ආතල් දෙනවා වගේ අදත් කතාවක් කියහන්කෝ " ලැම්ඩා එහි සිටි මිතුරන් කුල්මත් කිරීමේ අදහසින් පැවසීය. 
තවමත් ටොම්බ කලුවා දෙස බලමින් ගොලුවත රැකසිටි ඇම්ඩා තම කඩ හඩ අවදිකලේය. 

"මොකද්දෝ අවුලක් තියෙනවා මුගේ ඇදුමේ" 

යහලුවන්ගේ අවධානයද මෙවර ටොම්බ කලුවා වෙත යොමු විය. 

ටොම්බ කලුවාට හීන්දාඩිය දැමීමට පටන් ගත්තේය. "මළා ඇම්ඩා කරටි කැඩෙන්න ගහලා හිටියත් හොද සිහියෙන් නේ ඉන්නේ" 

ඔය කලු කුමාරයා වගේ හොදට ඉන්නේ අපේ ටොම්බා.ඕකේ තියෙන අවුල මොකද්ද " ලැම්ඩා තවත් වීදුරැවකට වයින් වත්කර ඇම්ඩා වෙත දිගු කළේය. 

එම වයින් වීදුරැව අතැතිව එක්වරම තම ඇගිල්ල ටොම්බ කලුවගේ අරක වෙත දිගුකරමින් "වැරද්ද හොයාගත්තා !! වැරද්ද හොයාගත්තා !!" 

මෙවර ඇම්ඩාගෙන් ගැලවුමක් නොවන බව තේරැම්ගත් ටොම්බ කලුවා "මො...කද්...ද...මොකද්ද........ වැරැද්ද" වචන පැටලෙමින් හීන් හඩින් විමසීය. 

"උඹ ටයිපටිය එල්ලන් ඉන්නේ වැරදි තැනනේ" ඇම්ඩා කොක් හඩලමින් පැවසීය

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates