Breaking News

Wednesday, June 17, 2015

හාර්ට් ඇටෑක්


'හාර්ට් ඇටෑක්' එකක් හේතුවෙන් සුප්‍රසිද්ධ හර්ද රෝග විශේෂඥයා හදිසියේ මිය ගියේය. අවමංගල සංවිධායකයන් විසින් වර්ණවත් අයුරින් සිදුකල අවසන් කටයුතු සඳහා පවුලේ අය,ඥාතීන් ,හිතමිතුරන් සහ වෛද්‍ය වුර්තිකයන්ද සහභාගී වුහ. සුවිශේසී මිනීපෙට්ටිටිය වලමත තබා ඇති අතර මිනීපෙට්ටියට පිටුපසින් රක්තවර්ණ පුෂ්පයන්ගෙන් සකස් කල හදවත හැඩය ගත් මල් පොකුරකි. ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මිනීපෙට්ටිය වල තුලට පමුණුවන අවස්ථාවේදී හදවතක හැඩය ඇති මල් පොකුරු හදවත විවර විය. මිනීපෙට්ටිය වලේ තැන්පත් වූ පසු මල් පොකුරු හදවත නැවත වැසුනි....... 
සියලු දෙනා සෝ බරිතව සිටි සංවේදී මොහොතේ නිශ්ශබ්දතාවය බිඳිමින් එක් අයෙකු ශබ්ද නඟා සිනාසෙන්නට වුයේය. සියලු දෙනාගේ නෙත් එම පුද්ගලයා දෙසට යොමු විය. ලැජ්ජාවට පත්වූ ඔහු "මට මතක් වුනේ, මම මැරුණහම මගේ අවසන් කටයුතු සිදුවෙන්නේ කොහොමද කියලා...... මම නාරි හා ප්‍රසව විශේෂඥයෙක්" යැයි කීය. 

නාරි හා ප්‍රසව විශේෂඥයා එසේ පවසත්ම අවසන් කටයුතුවලට සහභාගී වූ එක් පුද්ගලයෙකු සිහි මුර්ජා වී වැටුනේය...... 
..... 
..... 
..... 
ඒ ගුද මාර්ගය ආශ්‍රිත රෝග පිලිබඳ විශේෂඥයාය

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates