Breaking News

Wednesday, June 17, 2015

පැස්බරා


එක් දිනක් එක් මිනිසෙක් පැස්බරෙකු සමඟ හෝටලයකට ඇතුළු විය. “මට ඉඳිආප්ප විස්සකුයි කුකුළු මස් කරියකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. පැස්බරා ද “මටත් ඒකමයි. ” කීය. වේටර් ගාස්තුව කී විට පසුම්බියෙන් මුදල් ඇද ඔහු එය හරියටම ගෙවීය. දිනපතා මෙසේ ඔහු සෑම සවසකම පැමිණ එම ආහාරයම ගත් අතර පැස්බරා ද එය ම ඇනවුම් කර භුක්ති වින්දේය. එසේම සෑම දිනකම ඔහු ළඟ හරියටම බිල ගෙවීමට මුදල් තිබිණ. 

එක් සිකුරාදාවක ඔහු පැස්බරා ද සමඟ හෝටලයට පැමිණියේය. “අදත් ඒ ඕඩරේම ද ? ” වේටර් විමසීය. “නැහැ. නැහැ. අද සිකුරාදා නෙ. මට බුරියානි එකකුයි වටලප්පන් එකකුයි ගේනවා.” ඔහු ඇනවුම් කළේය. “මටත් ඒකම” පැස්බරා ද ඇනවුම් කළේය. එදා වෙනස් බිලක් නමුත් එය ද ගෙවීමට ඔහුගේ පසුම්බියේ හරියටම මුදල් තිබිණ. මෙයින් විමතියට පත් වූ වේටර් මේ ගැන ඔහුගෙන් විමසීය. 

“මටත් ඇලඩින්ගෙ පහන වගෙ එකක් හම්බ වුණා. ඒ භූතයා මට වර දෙකක් දුන්නා. මං ඉල්ලූ පළමු වරය වුණේ මං යමක් මිල දී ගන්න හැම අවස්ථාවකම ඒ බිල ගෙවන්න මගෙ පසුම්බියේ ගානටම මුදල් තියෙන්න ඕනෙ කියන එකයි. ” ඔහු පිළිතුරු දුන්නේය. “හරී පුදුමයි. වෙන මිනිස්සු මිලියන් ගණන් ඉල්ලද්දි ඔබ ඉල්ලූ දේ. ‘ වේටර් විමතිය පළ කළේය. මං කිව්වෙ මොකක් මිලදී ගත්තත්. ඒ කිව්වෙ රෝල්ස් රොයිස් එකක් හරි විසාල මාලිගයක් හරි.” ඔහු පිළිතුරු දුන්නේය. 

“එතකොට දෙවෙනි වරය ? ” වේටර් විමසීය. “ඊළඟට මං ඉල්ලුවෙ දිග බෙල්ලක් උස කකුල් හා ලොකු පස්සක් තියෙන කෙනෙක් හැම තිස්සෙම මං ළඟ ඉඳගෙන මං කියන හැම එකකටම එකඟ වෙන්න කියල.” ඔහු පැස්බරා දෙස බලමින් විස්සෝපයෙන් කතාව නිම කළේය.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates