Breaking News

Wednesday, June 3, 2015

හතර බීරි කතාව


වීරකෝන් දරු ප්‍රසූතියකට ආසන්නව සිටි තම බිරිඳ රෝහල් ගතකොට, එම වාට්ටුවේ සිටි තමා දන්නා හඳුනන හෙදියක හමුවී මෙසේ කීවේය. 

‘මිසී මට දැන් මම වැඩ කරන කන්තෝරුවට යන්ඩ වෙනවා. අපෙ හාමිනේට බබා ලැබුණා ම මිසී අපේ ඔෆිස් එකට කෝල් එකක් දෙන්ඩ. ඒකට උත්තර දෙන්නෙ අපෙ ලොකු මහත්තයා. ඒ හින්දා පුතෙක් හම්බවුණොත් මිසී කියන්ඩ වීරකෝන් විභාගෙ පාස් කියලා. දුවෙක් හම්බවුණොත් කියන්ඩ මම විභාගෙ ෆේල් කියල.” 

එදා දවල් වරුවේ වීරකෝන් තම කාර්යාලයේ කිසියම් වැඩක යෙදී සිටියදී ප්‍රධානියා ඔහුට කතා කොට මෙසේ කීවේය. 

‘වීරකෝන්, කවුදෝ ගෑනු කෙනෙක් කතා කරලා කිව්වා තමුසෙ විභාගෙ පාස්ලු. ඒ වගේ ම විභාගෙ ෆේල්ලු. මොකක්ද අයිසෙ ඒ හතර බීරි කතාවේ තේරුම?

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates