Breaking News

Thursday, June 11, 2015

මුහුදු කොල්ලකරුවෙක්



මුහුදු කොල්ලකරුවෙක් තැබෑරුමකට ගියා කාලෙකට පස්සේ.ඒකේ බා ටෙන්ඩර් මිනිහගේ යාලුවෙක්. 
බා ටෙන්ඩර් මිනිහව දැකල මෙහෙම ඇහැව්වා. 

"යාළුවා ගොඩ කාලෙකට පස්සේනේ දැක්කේ.සෑහෙන්න වෙනස් වෙලා මොකද මේ ලී කකුලක්??" 

"ආ ඒකද?? ඒක මේ නැව කුණාටුවකට අහුවුණුපාර කුඹ ගහ කකුල උඩට වැටුණා.කකුල කපන්න වුනා.අපේ හිටපු වඩුවා මට ලී කකුලක් දැම්මා,ඒක දැන් වඩාත් හොඳයි." 

"හ්ම්..ඒකත් එහෙමද??ඇයි මේ වම් අතේ මැණික් කටුව ගාවින් කොක්කක් දාලා?" 

"අපි ගිය මාසෙ රාජකීය නාවික හමුදාවත් එක්ක මුහුදු සටනක් ගියා. කඩු පාරක් නිසා අත වෙන්වෙලාම ගියා.ඉතින් වඩුවා කොක්කක් හදලා පෑස්සුවා" 

"ඇහැට මොකද වුනේ ඇයි මේ අයි පැච් එකක් දාල තියෙන්නේ?" 

"දවසක් මම අහස දිහා බලන් ඉද්දි මුහුදු ලිහිණියෙක් ඇහැට වර්චස් පාරක් අතෑරියා" 

"ඉතින් වර්චස් වලට ඇස් අන්ධ වෙන්නේ නෑනේ." 

"ඒක තමා.මට ඕනේ වුනේ ඒක පිහදාන්න.ඒත් මට අමතක වුනා මගේ කොක්ක දාපු අත ගැන.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates