Breaking News

Sunday, December 22, 2013

අඩු සම්පත් ඇතිව ඉපදීමට (අල්පේශාක්‍ය වීමට) හේතු

 


අඩු සම්පත් ඇතිව ඉපදීමට (අල්පේශාක්‍ය වීමට) හේතු

ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා ඉස්සාමනකො හොති, පරලාහසක් කාර ගරුකාරමානනවන් දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති අප්පෙසක්ඛො හොති.

අප්පෙසක්ඛසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - ඉස්සාමනකො හොති, පරලාභසක්කාර ගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අන් අයට ලැබෙන ලාබ සත්කාර ගරුකිරීම් දන්දීම් පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා කරයිද, සිත දූෂිත කරගනියි ද, වෛර බැඳ ගනියිද මෙසේ ඔහු හෝ ඇය අන් සැපතට ගැරහීම හේතුවෙන් සිදුකර ගන්නා වූ අකුසල විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අල්පේශාක්‍ය වෙයි. මෙය අල්පේශාක්‍ය වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.


මහා සම්පත් ඇතිව ඉපදීමට (මහේශාක්‍ය වීමට) හේතු

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අනිස්සාමනකො හොති, පරලාහසක් කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති මහෙසක්ඛො හොති. මහෙසක්ඛසංවත්තනිකා ඵසා, මාණව, පටිපදා යදිදං - අනිස්සාමනකො හොති, පරලාභසක් කාර ගරු කාරමානනවන්දන පූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අන් අයට ලැබෙන ලාබ සත්කාර කරගැනීම් දන්දීම් පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා නොකරයි ද, සිත දූෂිත නො කරගනියි ද, වෛර නො බැඳ ගනියි ද මෙසේ ඔහු හෝ ඇය අන් සැපතට නොගැරහීම හේතුවෙන් සිදුකර ගන්නා වූ කුසල විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් මහේශාඛ්‍ය වෙයි. මෙය මහේශාක්‍ය වීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.
උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )



No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates