Breaking News

Sunday, December 22, 2013

මගේ මරණය

මගේ මරණය
සියලු දෙනම හඩාවි - මා මැරුණ දවසට
දැනේවි දැඩි දුකක් - දේහය ගෙට ගෙනෙන විට
හඩාවි දැඩි සොවින් - රැගෙන යන විට දේහය
කදුළු ඒවී දෑසට -  සත් දින බණ කියන විට

ගිය පසුව තෙමසක් - සිහි කරාවි මගේ ගුණ
එහෙත් එයට වැඩියෙන් - කතා කරාවි ආ ගිය තොරතුරු
සතුටක් දේවි සැමට - නෑයන් එක්තුව සිටීම
දුකක් වේවි ඔවුන්ට - මගේ වියෝව නොව
දනින් පසු - ඔවුන්ගේ වෙන්ව යාම

විසිතුරු එළි බැබැලේවි - ගතවූ පසුව වසරක්
සැණකෙළියක් වේවි - සැවොම කා බී සතුටුවන
අමතකය සැම හටම - මා සිටි බවක්වත්
යලි නො එන බව දනිමි - මා නිසා කිසි දුකක්

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates