පසුබිම
Read more ...
පෙර ලිපියෙහි සඳහන් කරන ලද පරිදි මෙහි “කාලාම සූත්‍රය” විග්රහ කෙරෙයි.
කියන ලද පරිදිම පළමු ලිපියට රූපවාහිනී වැඩසටහනක් නිමිති වුවද මෙම ලිපිපෙළ
එවන් වැඩසටහනක් ඇසුරින් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තක් අපට නැත.
නමුත්, වාසනාවට හෝ අවාසනාවට පසුගිය “දොරමඬලාව” වැඩසටහනකින් අනපේක්ෂිත පරිදි
නැවතත් “කාලාම සූත්‍රය” සාකච්ඡාවට බඳුන් විය. මෙම ලිපිය පළමුව “අපණ්ණක
ප්‍රතිපදාව, කාලාම සූත්‍රය සහ ජාතිකත්ව සිහිය” මැයෙන් ලියා තිබුනද එය නැවත
සකසා මෙසේ ඉදිරිපත් කරන්නේ එසේ නොකරම බැරි තැනය. පවතින මාධ්‍ය ප්රවණතා
තුල “දොරමඩලාව” වැඩසටහන වටිනා සාකච්ඡා ගණනාවක් අප වෙත තිලිණ කර ඇත. ඒ සමහර
වැඩසටහන් අප වෙත ලබා දෙන චින්තන වින්දන ශක්තීන්ට අපේ ස්තුතිය හිමිවෙයි.
නමුත් “දොරමඩලාව” තුලින් හෝ ධර්ම විරෝධී මතයක් යමෙක් විසින් ඉදිරිපත්
කළහොත් ඒ නෑසූ කන්ව සිටීමට නොහැකිය. එය සාකච්චාවට සහභාගී වන්නන්ගේ පුද්ගලික
මතයක් වුවද “දොරමඩලාව” හරහා යම් සමාජ ගත වීමක් වන නිසාත් විශේෂයෙන් ධර්මය
පිලිබඳ කාරනාවක් වන නිසාත් අප ඒ විමසා බැලිය යුතුය. එබැවින් අප ඉදිරිපත්
කරන අදහස්ද නුවණින් විමසා බලත්වා.!!